2023ට තැබූ ඇප තැන්පත් ආපසු ගෙවීම ගැන මැතිවරණ කොමිසමෙන් නිවේදනයක් (වීඩියෝ)

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම (2023) වර්ෂයට අදාළ ක්‍රියාවලියේ ඇප තැන්පත් ආපසු ගෙවීම සම්බන්ධයෙන් වන විශේෂ නිවේදනයක් මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කරනු ලැබුවා.

අද (19) දිනයට ප්‍රකාරව මෙම නිවේදනය නිකුත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරන්නේ 2023 වර්ෂයේ දී පැවැත්වීමට නියමිතව තිබී කල් තබන ලද (262 වැනි අධිකාරය වූ) පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ දී එකී ආඥා පනතේ 29 වැනි වගන්තිය යටතේ පිළිගත් දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් විසින් තැන්පත් කරන ලද තැන්පතු පෙබරවාරි මස 17 වැනි දින පාර්ලිමේන්තුවේ සම්මත වූ 2025 අංක 1 දරන පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (විශේෂ විධිවිධාන) පනතේ 2 (3) වගන්තිය අනුව එම තැන්පත් සිදු කරනු ලැබූ තැනැත්තා වෙත නිකුත් කරන ලද ලදුපත, එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලැබූ විට එම තැනැත්තා වෙත ආපසු ගෙවිය යුතු යැයි දක්වා තිබෙන බවයි.

ඒ අනුව තැන්පත් කරන ලද ඇප මුදල් ආපසු ගෙවීමට එකී ආඥා පනතේ 29 (3) වන උප වගන්තිය යටතේ ඇප තැන්පත් මුදල් භාරගන්නා අවස්ථාවේ දී ඇප මුදල් තැන්පත් කරන ලද තැනැත්තා වෙත ලබාදෙන ලද ලදුපතෙහි මුල් පිටපත හා ඇප තැන්පත් මුදල් ආපසු ඉල්ලීමේ ලිපියක් සමගින් ඇප මුදල් ගෙවූ අදාළ දිස්ත්‍රික් මැතිවරණ කාර්‍යාලය වෙත එළඹෙන 28 වැනි දිනට පෙර භාර දෙන ලෙස මැතිවරණ කොමිෂන් සභාව දන්වා සිටිනවා.

එළඹෙන පෙබරවා‍රි 28 වැනි දිනට පෙර භාරදෙනු ලබන ඉල්ලීම් සඳහා අදාළ දිස්ත්‍රික් මැතිවරණ කාර්‍යාල මගින් අදාළ තැනැත්තන් වෙත ඇප තැන්පත් මුදල් ආපසු ගෙවීමට නොපමාව කටයුතු කරනු ඇති බවයි එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස්වලට නැගලා සද්දේ දාන සිඟිති පාතාලේ - මූණ කු#ඩුවෙන්න දෙන්නේ
01:55
Video thumbnail
රනිල් බුද්ධ ශාසන ඇමතිව අගය කරයි
04:54
Video thumbnail
රනිල් - මහින්ද - මෛත්‍රී - ගෝඨා එකට රැස්වෙයි
02:15
Video thumbnail
ශ්‍රී මහ බෝධියට ජන ගඟක් ගලාගෙන එයි
01:15
Video thumbnail
බෙල්ලන්විල රජමහ විහාරය සිල් සුවඳින් පිරී යයි
01:08
Video thumbnail
'ස්ට්‍රෙන්ත් ඇන්ඩ් හාමනි' සම්මානය දිනා හංසනා දිවයිනට
00:44
Video thumbnail
දෙල්ගොඩ කර්මාන්ත ශාලාවක ලොකු ගින්නක්
02:46
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37


?