ගනේමුල්ල සංජීවගේ මරණ පරීක්ෂණය සිදු කෙරේ – මහේස්ත්‍රාත්ගෙන් රෙජිස්ටාර් හට නියෝගයක්

අධිකරණ ශාලාව තුළ විත්ති කූඩුවේ සිටිය දී වෙඩිවැදී මියගිය පාතාල කල්ලි සාමාජිකයෙකු වූ ගනේමුල්ලේ සංජීව නමැත්තා සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනයන්ට සියලු සහායන් ලබාදෙන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය ප්‍රධාන අධිකරණ රෙජිස්ටාර්වරයාට අද (19) නියෝග කළා.

සිද්ධියට අදාළ සියලු සීසීටීවී දර්ශන විමර්ශන අංශයන්ට ලබාදෙන ලෙසට ද රෙජිස්ටාර්වරයාට විනිසුරුවරිය විසින් නියෝග කර ඇති බවයි දසත අධිකරණ වාර්තාකරු පැවසුවේ.

ගනේමුල්ලේ සංජීව නමැත්තා වෙඩි වැදී මිය යෑම සම්බන්ධයෙන් කෙසෙල්වත්ත පොලිසිය ගොනු කළ බී වාර්තාවක් සලකා බැලීමෙන් අනතුරුව මහෙස්ත්‍රාත්වරිය එම නියෝග නිකුත් කළා.

කෙසෙල්වත්ත පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුජිත් ප්‍රියන්ත මහතා මගින් මෙම බී වාර්තාව අධිකරණයට ඉදිරිපත් කළා.

සිද්ධිය සම්බන්ධයෙන් කරුණු වාර්තා කළ පොලිස් නිලධාරින් අධිකරණයට කියා සිටියේ අදාළ සිදුවීම සම්බන්ධයෙන් එම අවස්ථාවේදී ම පුළුල් විමර්ශනයක් ආරම්භ කළ බවයි.

ඊට පොලිසියේ විවිධ අංශ සහාය දක්වා ඇති බවත් සීසීටිවි දර්ශන තවදුරටත් ලබා ගැනීමට ඇති හෙයින් අදාළ දර්ශන ලබාදෙන ලෙසට රෙජිස්ටාර්වරයාට නියෝග කරන ලෙසත් ඉල්ලා සිටියා.

මරණ පරීක්ෂණය සූදානම් කර ඇති හෙයින් ඒ සම්බන්ධයෙන් නියෝග නිකුත් කරන ලෙස ද ඉල්ලා සිටි අතර
ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය ඉල්ලා සිටින ලද අදාළ නියෝග නිකුත් කරමින් මරණ පරීක්ෂණය මහෙස්ත්‍රාත්වරියගේ සහභාගිත්වයෙන් අද පස්වරු 2.30ට සිදු කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රාජපක්ෂලාට ග#න්න ග#න්න මිනිස්සු එකතු වෙනවා..මහජන පෙළඹීමක් හැදුවා ආණ්ඩුව
01:58
Video thumbnail
නාමල් සර්ට කරපු අසාධාරණයට මහ ජනතාව කැලඹිලා - බස්වල ගේන්න බැරි තරම් සෙනඟ එන්න අහනවා
01:11
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
00:00
Video thumbnail
වෙනස්ම විදියට හදපු වාද්දුවේ ප්‍රධාන බස් නැවතුම්පොළ - "මම බිංදුවෙන් පටන් ගත්තේ - කෙරෙන්න ඕනි දේ කළා"
01:39
Video thumbnail
පොහොට්ටුවේ රැළියට බස් පිටින් සෙනඟ යන හැටි
00:29
Video thumbnail
අනුරගේ පුංචි අම්මට ඇඹුල් තියල් අරගෙන යනවා - පොහොට්ටුවේ රැළියට බස් පිටින් සෙනඟ යන හැටි
00:42
Video thumbnail
ඇමති වසන්ත හමුවූ සුවිශේෂි අමුත්තා
01:10
Video thumbnail
වගාවන් විනාශවීම ගැන ගොවියෙක් මාධ්‍යට කියූ සංවේදී කතාව
01:06
Video thumbnail
තම වගාවන් විනාශවීම ගැන ගොවියෙක් මාධ්‍යට කියූ සංවේදී කතාව - දරුවොයි මමයි මහන්සිවෙලා හදාගත්තුවා
02:26