මාරාන්තික ඉන්දීය කොරෝනා ප්‍රභේදය ශ්‍රී ලංකාවට ඇතුළු වෙයි – රටපුරා තවත් ප්‍රභේද 5ක්

ඉන්දියාවේ ව්‍යාප්ත වන බී.1.617 වෛරස ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයෙකු පළමුවරට ශ්‍රී ලංකාවෙන් වාර්තා වනවා.

නව ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයා හඳුනාගෙන ඇත්තේ ගල්කිස්ස ප්‍රදේශයේ පිහිටි නිරෝධායන මධ්‍යස්ථානයකින්.

ඔහු ඉන්දියානුවෙක් වන අතර, පසුගියදා ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේ ගුවන්තොටුපලේදී කළ පී.සී.ආර්. පරීක්ෂණය මගින් කොරෝනා ආසාදිතයෙකු බවට හඳුනාගෙන තිබෙනවා.

පසුව, ප්‍රතිකාර ලැබූ ඔහු සුවය ලබා ඇති අතර, මේ වනවිට දින 14 ක් නිරෝධායනයට ලක්වෙමින් සිටින බවයි වාර්තා වන්නේ.

එම පුද්ගලයාගෙන් ලබා ගත් සාම්පල ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පරීක්ෂණ කණ්ඩායමක් මගින් අදියර කිහිපයක් යටතේ පරීක්ෂාවට ලක් කර ඇති අතර එහිදී මෙම ඉන්දීය ජාතිකයාට ඉන්දියාවේ සීඝ්‍රයෙන් පැතිර යන බී.1.617 ප්‍රභේදය වැළදී තිබූ බවට අනාවරණ වී තිබෙනවා.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශයන්ට අනුව, මෙම ඉන්දීය වෛරස් ප්‍රභේදය  සැලකෙන්නේ දැනට ලොවපුරා පැතිර යන වෛරසයන් අතුරින් දැඩි අවධානයක් යොමුකළ යුතු කොරෝනා වෛරස් ප්‍රභේදයක් ලෙසයි.

මොහු විදේශ ගතව සිට පැමිණි අයෙක් බවට අනාවරණ වී ඇති බවයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යාව සහ සෛල ජෛව විද්‍යා ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ආචාර්ය චන්දිම ජීවන්දර හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

ඊට අමතරව, තවත් වෛරස් ප්‍රභේද 5 ක් ශ්‍රී ලංකාව තුල පැතිර යන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යාව සහ සෛල ජෛව විද්‍යා ආයතනය සිදුකළ පරීක්ෂණයන් මගින් තහවුරු වී තිබෙනවා.  

ඒ අනුව, අද වනවිට ශ්‍රී ලංකාවේ වැඩි ව්‍යාප්තියක් දක්නට ලැබෙන්නේ බි්‍රතාන්‍යයේ කෙන්ට් ප්‍රාන්තයෙන් සොයා ගැණුනු බී.1.1.7 නමැති කොරෝනා වෛරස් ප්‍රභේදයයි.

කොළඹ දිස්ත්‍රික්කයට අයත් කොළඹ මහනගර සභා සීමාව, හෝමාගම, බොරලැස්ගමුව ප්‍රදේශවලින් හමුවී ඇත්තේ මෙම වෛරස් ප්‍රභේදයයි.

මීට අමතරව, කුරුණෑගල දිස්ත්‍රික්කයේ පොල්පිතිගම, කුලියාපිටිය, නිකවැරටිය, ගනේවත්ත, අම්බලන්පොල, ගිරිවුල්ල, පන්නල, වාරියපොල සහ පඬුවස්නුවර, ප්‍රදේශ මෙන්ම, මහනුවර දිස්ත්‍රික්කයෙන් සහ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ හිගුරක්ගොඩ සහ මැදිරිගිරිය ප්‍රදේශවලින් බි්‍රතාන්‍ය වෛරසය හඳුනාගෙන තිබෙනවා.

මන්නාරම නගර සීමාවෙන් හමුවූ රෝගීන් පරීක්ෂා කිරීමේදී ද හඳුනාගෙන ඇත්තේ බ්‍රිතාන්‍ය වෛරස් ප්‍රභේදයයි.

මේ අතර, ඩෙන්මාර්කය ඇතුළු යුරෝපීය රටවල සහ මෙන්ම මැදපෙරදිග පැතිර යන බී.1.428 නමැති වෛරස් ප්‍රභේදයන් යාපනය දිස්ත්‍රික්කයෙන් හඳුනාගෙන ඇති අතර එය පැතිර යන කේන්ද්‍රස්ථානය ලෙස හඳුනාගෙන ඇත්තේ නල්ලූර් ප්‍රදේශයයි.

මඩකලපුව සහ කොළඹ ඇතැම් ප්‍රදේශවල බී.1.411 නම් ශ්‍රී ලංකාවට ආවේණික වූ වෙනම කොරෝනා වෛරස් ප්‍රභේදයක් පැතිර යන බවට ද අනාවරණ වී තිබෙනවා.

එමෙන්ම, කොළඹ දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලින් සහ කළුතර දිස්ත්‍රික්කයට අයත් බණ්ඩාරගම ප්‍රදේශයෙන් බී.1.525 නමැති නයිජීරියානු වෛරස් ප්‍රභේදය ද වාර්තා වී ඇති බව සඳහන්. එමෙන්ම, කොළඹ පිහිටි පෞද්ගලික නිරෝධායන මධ්‍යස්ථානයකින් බී.1.351 නමැති දකුණු අප්‍රිකානු වෛරස් ප්‍රභේදය ද හමුවී ඇති බවයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යාව සහ සෛල ජෛව විද්‍යා ආයතනය සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55


?