මාරාන්තික ඉන්දීය කොරෝනා ප්‍රභේදය ශ්‍රී ලංකාවට ඇතුළු වෙයි – රටපුරා තවත් ප්‍රභේද 5ක්

ඉන්දියාවේ ව්‍යාප්ත වන බී.1.617 වෛරස ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයෙකු පළමුවරට ශ්‍රී ලංකාවෙන් වාර්තා වනවා.

නව ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයා හඳුනාගෙන ඇත්තේ ගල්කිස්ස ප්‍රදේශයේ පිහිටි නිරෝධායන මධ්‍යස්ථානයකින්.

ඔහු ඉන්දියානුවෙක් වන අතර, පසුගියදා ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේ ගුවන්තොටුපලේදී කළ පී.සී.ආර්. පරීක්ෂණය මගින් කොරෝනා ආසාදිතයෙකු බවට හඳුනාගෙන තිබෙනවා.

පසුව, ප්‍රතිකාර ලැබූ ඔහු සුවය ලබා ඇති අතර, මේ වනවිට දින 14 ක් නිරෝධායනයට ලක්වෙමින් සිටින බවයි වාර්තා වන්නේ.

එම පුද්ගලයාගෙන් ලබා ගත් සාම්පල ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පරීක්ෂණ කණ්ඩායමක් මගින් අදියර කිහිපයක් යටතේ පරීක්ෂාවට ලක් කර ඇති අතර එහිදී මෙම ඉන්දීය ජාතිකයාට ඉන්දියාවේ සීඝ්‍රයෙන් පැතිර යන බී.1.617 ප්‍රභේදය වැළදී තිබූ බවට අනාවරණ වී තිබෙනවා.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශයන්ට අනුව, මෙම ඉන්දීය වෛරස් ප්‍රභේදය  සැලකෙන්නේ දැනට ලොවපුරා පැතිර යන වෛරසයන් අතුරින් දැඩි අවධානයක් යොමුකළ යුතු කොරෝනා වෛරස් ප්‍රභේදයක් ලෙසයි.

මොහු විදේශ ගතව සිට පැමිණි අයෙක් බවට අනාවරණ වී ඇති බවයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යාව සහ සෛල ජෛව විද්‍යා ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ආචාර්ය චන්දිම ජීවන්දර හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

ඊට අමතරව, තවත් වෛරස් ප්‍රභේද 5 ක් ශ්‍රී ලංකාව තුල පැතිර යන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යාව සහ සෛල ජෛව විද්‍යා ආයතනය සිදුකළ පරීක්ෂණයන් මගින් තහවුරු වී තිබෙනවා.  

ඒ අනුව, අද වනවිට ශ්‍රී ලංකාවේ වැඩි ව්‍යාප්තියක් දක්නට ලැබෙන්නේ බි්‍රතාන්‍යයේ කෙන්ට් ප්‍රාන්තයෙන් සොයා ගැණුනු බී.1.1.7 නමැති කොරෝනා වෛරස් ප්‍රභේදයයි.

කොළඹ දිස්ත්‍රික්කයට අයත් කොළඹ මහනගර සභා සීමාව, හෝමාගම, බොරලැස්ගමුව ප්‍රදේශවලින් හමුවී ඇත්තේ මෙම වෛරස් ප්‍රභේදයයි.

මීට අමතරව, කුරුණෑගල දිස්ත්‍රික්කයේ පොල්පිතිගම, කුලියාපිටිය, නිකවැරටිය, ගනේවත්ත, අම්බලන්පොල, ගිරිවුල්ල, පන්නල, වාරියපොල සහ පඬුවස්නුවර, ප්‍රදේශ මෙන්ම, මහනුවර දිස්ත්‍රික්කයෙන් සහ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ හිගුරක්ගොඩ සහ මැදිරිගිරිය ප්‍රදේශවලින් බි්‍රතාන්‍ය වෛරසය හඳුනාගෙන තිබෙනවා.

මන්නාරම නගර සීමාවෙන් හමුවූ රෝගීන් පරීක්ෂා කිරීමේදී ද හඳුනාගෙන ඇත්තේ බ්‍රිතාන්‍ය වෛරස් ප්‍රභේදයයි.

මේ අතර, ඩෙන්මාර්කය ඇතුළු යුරෝපීය රටවල සහ මෙන්ම මැදපෙරදිග පැතිර යන බී.1.428 නමැති වෛරස් ප්‍රභේදයන් යාපනය දිස්ත්‍රික්කයෙන් හඳුනාගෙන ඇති අතර එය පැතිර යන කේන්ද්‍රස්ථානය ලෙස හඳුනාගෙන ඇත්තේ නල්ලූර් ප්‍රදේශයයි.

මඩකලපුව සහ කොළඹ ඇතැම් ප්‍රදේශවල බී.1.411 නම් ශ්‍රී ලංකාවට ආවේණික වූ වෙනම කොරෝනා වෛරස් ප්‍රභේදයක් පැතිර යන බවට ද අනාවරණ වී තිබෙනවා.

එමෙන්ම, කොළඹ දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලින් සහ කළුතර දිස්ත්‍රික්කයට අයත් බණ්ඩාරගම ප්‍රදේශයෙන් බී.1.525 නමැති නයිජීරියානු වෛරස් ප්‍රභේදය ද වාර්තා වී ඇති බව සඳහන්. එමෙන්ම, කොළඹ පිහිටි පෞද්ගලික නිරෝධායන මධ්‍යස්ථානයකින් බී.1.351 නමැති දකුණු අප්‍රිකානු වෛරස් ප්‍රභේදය ද හමුවී ඇති බවයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යාව සහ සෛල ජෛව විද්‍යා ආයතනය සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.02
01:48:41
Video thumbnail
කවුද ආණ්ඩුව පෙරලන්න හැදුවේ..මම නම් කැමති මේ ආණ්ඩුව අවුරුදු 5ම යනවට
01:02
Video thumbnail
ආණ්ඩුවේ බොරුව නිසා මැති ඇමතිලගේ පුතාලට වෙලා තියෙන දේ..පිට්ටනියට යන්න බැරුව ඇති
07:50
Video thumbnail
දුමින්ද දිසානායක ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න දෙසයි - ගමේ රැස්වීම්වල මිනිස්සු 50ක්වත් නෑනේ
04:13
Video thumbnail
අපිට බල කරපු නාමල් දැන් කොහෙද ඉන්නේ ? දැන් පොහොර නෑනේ මේ රටේ
02:33
Video thumbnail
උගන්ඩා කුමාරිට දුමින්ද හොඳ පදෙන්ම අමතයි - කිසි ගානක් නැතුව මෙච්චර බොරු කියන්නේ..
03:40
Video thumbnail
චාමර සම්පත් තමයි මොන දේටත් පෙනී ඉන්නේ..විපක්ෂයේ ප්‍රතික්ෂේපවීමට හේතුව අහන්න ඕනි සජිත්ගෙන්
06:06
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:38:40
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු එන්නද යන්නේ ? - එයාලා පෙරළගත්තොත් රට බාරගන්න කෙනෙක් ඉන්න ඕනි
02:37
Video thumbnail
සමගි ජන බලවේගය අපි එක්ක සම්බන්ධයි..හැබැයි පේන්නේ නෑ - මහින්දලා ගැන අදටත් අපේ විවේචන තියෙනවා
06:09