නව පනත් කෙටුම්පත් රැසක් 2025 අයවැයෙන් – මන්ත්‍රීවරුන්ට වාහන පර්මිට් එකත් නැතිවෙයි (වීඩියෝ)

මෙවර අයවැයේ ආර්ථික අපේක්ෂා අතර දරිද්‍රතාව අඛණ්ඩ ව අඩු කිරීමක් මෙම වසරේ දී රජය අපේක්ෂා කර තිබෙනවා.

ඒ වෙනුවෙන් උසස් තත්ත්වයේ අමුද්‍රව්‍ය ලබා ගැනීම වර්ධනය කිරීමට නව සැලැස්මක් ක්‍රියාත්මක කරමිනි සරල විනිවිද ජාතික තීරුබදු ප්‍රතිපත්තියක් සැකසීමත් ඉන් අපනයන වෙළෙඳපොළ පුළුල් කර ගැනීම ද රජයේ අපේක්ෂා වන බවයි ජනාධිපතිවරයා පැවසුවේ.

උපාය මාර්ගික නිදහස් ගිවිසුම් මාර්ගය පුළුල් කිරීම සහ විදෙස්ගත ශ්‍රමිකයින් යොදා ගනිමින් ආර්ථික රාජ්‍ය තාන්ත්‍රිකභාව වැඩිදියුණු කිරීමට රජය අරමුණු කරගෙන තිබෙනවා.

ඊට ජාතික තනි වෙළෙඳ රාමුවක් ක්‍රියාත්මක කිරීමටයි අයවැයෙන් යෝජනා වී ඇත්තේ.

එමෙන්ම පවතින රේගු පනත සංශෝධනය කර නව රේගු පනතක් හඳුන්වාදීමට 2025 අයවැයෙන් යෝජනා වී තිබෙනවා.

ද්විත්ව බදු ගිවිසුම් 44න් ඉහළ ආයෝජන විභවයක් සහිත රටවලට මෙරට ආයෝජනය කිරීමට අවස්ථාව ලබාදීමටයි තීරණය කර ඇත්තේ.

පරිසර හිතකාමී කාර්මික උද්‍යාන පිහිටුවීමටත්, නැගී එන ආයෝජක පනතක් සංශෝධනය කිරීමටත් නව රජයේ අයවැය අපේක්ෂා වනවා.

ප්‍රයෝජනයකින් තොරව අතහැර දමා ඇති රජයේ ඉඩම් ඵලදායී මෙහෙයුමක් සඳහා අයෝජන අවස්ථාව ඉහළ නංවා ගැනීමට බදු දීමට ද තීරණය කර තිබෙනවා.

රාජ්‍ය සේවා ඩිජිටල්කරණය කිරීමට නිශ්චිත කාල රාමු සකසා ඒකාබද්ධ කිරීමට අවශ්‍ය නීති සම්පාදනය කරන බව ද අයවැයෙන් ජනාධිපතිවරයා පැවසුවා.

දේශීය සමාගම් හට විදෙස් රටවල ආයෝජනය කිරීමට පවතින බාධා හඳුනාගෙන ඊට අවශ්‍ය සහන සැලසීමට ද රාජ්‍ය හවුල්කාරීත්වයට නව පනතක් හඳුන්වාදීමට ද රජය කටයුතු කරනු ඇති.

බිම් සවිය වැඩසටහන කඩිනම් කිරීමත් 2025 අයවැයෙහි අපේක්ෂාවක්.

ශ්‍රී ලංකාවේ රජය සෘජු විදෙස් ආයෝජන අපේක්ෂා කරන අතර තාක්ෂණික හා මූල්‍ය සහාය ඊට නොපැකිළව ලබාදීමටත් තීරණය කර තිබෙනවා.

2025 වසර විදෙස් ඉපැයීම් සහ ලාභාංශ මෙරටට ගෙන්වීමට නව ක්‍රමවේදයක් හඳුන්වාදීමටත්, බංකොලොත්භාවය පිළිබඳ ව පනත් කෙටුම්පත කඩිනමින් පාර්ලිමේන්තුවටත් ඉදිරිපත් කිරීමට නව අයවැයේ අපේක්ෂාවන් අතර වනවා.

ජාතික තත්ත්ව කළමනාකරණය ශක්තිමත් කිරීමට රුපියල් මිලියන 750ක් ද වෙන් කර ඇති බවත් වරාය තදබදය විසඳීමට දිගු කාලීන සැලැස්මක් අවශ්‍ය බැවින් ඊට රුපියල් මිලියන 500ක් වෙන් කරමින් වරායේ බහාලුම් කළමනාකරණය කාර්‍යක්ෂම කිරීමට කටයුතු කිරීමට තීරණය කර තිබෙනවා.

වේයන්ගොඩ අභ්‍යන්තර බහාලුම් කළමනාකරණ මධ්‍යස්ථානය ස්ථපිත කිරීමටත්, කොළඹ වරායේ සහ කටුනායක ගුවන්තොටුපොළේ ස්කෑන් පද්ධතිය දියුණු කිරීමට රුපියල් මිලියන 1000ක් වෙන් කිරීම ද නව අයවැයේ අපේක්ෂාවයි.

කටුනායක ගුවන්තොටේ දෙවන පර්යන්තය කඩිනමින් ආරම්භ කිරීමටත්, සංචාරක ක්ෂේත්‍රය සඳහා ඩිජිටල් ටිකට් පත්‍ර ක්‍රමයක් ඇරඹීම ද මෙවර අයවැයේ අපේක්ෂාවන් වනවා.

සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනයට රුපියල් මිලියන 500ක් සහ වසරකට තොරතුරු තාක්ෂණික ආදායම ඩොලර් මිලියන 05 දක්වා වැඩි කරගැනීම ද නව රජයේ අපේක්ෂාවන් බවයි ජනාධිපතිවරයා පැවසුවේ.

මුදල් නෝට්ටු භාවිතය අවම කිරීමට කටයුතු සැලසුම් කිරීමට ද තීරණය කර තිබෙනවා.

ඩිජිටල් හැඳුනුම්පත් ක්‍රමය කඩිනමින් හඳුන්වාදෙමින් පුළුල් කිරීමටත්, ඩිජිටල් ආර්ථිකය මගින් උපයන ආදායම අමෙරිකානු ඩොලර් බිලියන 15ක් දක්වා වර්ධනය කරගැනීම ද අපේක්ෂා වනු ඇති.

එමෙන්ම මෙවර අයවැයෙහි තවත් විශේෂත්වයක් වන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හට කිසිදු වාහන මිල දී ගැනීමට බලපත්‍රයක් ද, ඒ සඳහා අවශ්‍ය මුදල් ද අයවැයෙන් වෙන් කර නොමැති වීමයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන..දැකපු දෙස් විදෙස් අයත් මවිත වුණ දේ
01:33
Video thumbnail
Kasthirama | "යළි ගොඩනැගෙන්නට සවිය අවැසි හෙට දවස" - කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:25:26
Video thumbnail
මෙන්න කාළගුණයේ වෙන්න යන නොසිතූ වෙනස..අත්‍යවශ්‍ය වැඩවලට විතරක් එළියට යන්න
04:02
Video thumbnail
රාජාංගනයේ මිනිස්සු එකතුවෙලා විනාශ වුණ ඇළ බන්ට් එක හදපු හැටි.."මිණි මුතු නෙවෙයි වටින්නේ එකමුතුකම"
07:53
Video thumbnail
මාර්ග පිරිසිදු වූ වහාම ලංගම බස් පාරට දාන්න ලංගම සභාපති පෙරට..අපි සප් එකක් දෙන්නම් ඔයලා දුවන්න ඕනි
02:02


?