අවිස්සාවේල්ල – කහවත්ත දුම්රිය මාර්ගයේ ඉදිකිරීම් කඩිනම් කිරීමට අවදානය

අවිස්සාවේල්ල සිට කහවත්ත දක්වා ඉදිකිරීමට නියමිත දුම්රිය මාර්ගයේ ඉදිකිරීම් කඩිනම් කිරීමට අවදානය යොමුව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

මෙම දුම්රිය මාර්ගයේ පළමු අදියර ලෙස අවිස්සාවේල්ල සිට රත්නපුර දක්වා ඉදිකෙරෙන අතර, දෙවන අදියර රත්නපුර සිට කහවත්ත දක්වා ඉදිකිරීමටයි නියමිතව ඇත්තේ.

එමෙන්ම මෙම ව්‍යාපෘතියේ තුන්වන අදියර ලෙස ඇඹිලිපිටිය, සූරියවැව මත්තල හරහා හම්බන්තොට වරාය දක්වා ඉදිකිරීමට නියමිතයි.

මේ අතර අවිස්සාවේල්ල සිට රත්නපුර දක්වා දිවෙන කොටසේ අවිස්සාවේල්ල සිට කුරුවිට දක්වා මේ වනවිටත් දුම්රිය රක්ෂිත මැනීම් අවසන් කර ඇති අතර, දුම්රිය ස්ථාන රැසක් ද හඳුනාගෙන තිබෙනවා.

මෙම ව්‍යාපෘතියේ තුන්වන අදියර වන කහවත්ත සිට හම්බන්තොට වරාය දක්වා කොටස අලුතින් එක්කර ඇති යෝජිත දුම්රිය මාර්ගයක් වනවා.

දුම්රිය මාර්ගය ව්‍යාපෘතියේ පළමු අදියර සඳහා ආසන්න වශයෙන් ඩොලර් මිලියන 30ක් පමණ මුදලක් වැයවනු ඇතැයි අපේක්ෂා කෙරෙන අතර, එම මූල්‍ය පහසුකම් ලබාගැනීම වෙනුවෙන් ආසියානු සංවර්ධන බැංකුව සහ ඉන්දියානු රජය සමඟ ද සාකච්ඡා කරමින් පවතිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අවුරුදු 40 ක් වෙනතුරු ත්‍රීවීල් පදින්න බෑ.. රජය ගන්න අලුත්ම තීරණය ගන ඇමති නලින් හේවගේ හෙළිකරයි.
00:07
Video thumbnail
නාමල් ආණ්ඩුවට අනතුරු අගවයි - අවු: 2ක් සද්දෙ වහලා හිටියා..ජනපති යට ගහන්න හදනවා
05:39
Video thumbnail
අවසන් මොහොතේ තම වෛද්‍යවරයා වෙනුවෙන් පවා ගී ගැයූ නන්දා මාලනිය..
00:39
Video thumbnail
නුවර වැවට පැ#න කාන්තාවක් බේරාගත් මෙහෙයුම - මොනවා වෙලාද මේ මිනිස්සුන්ට ?
02:09
Video thumbnail
නුවර වැවට ජම්ප් එකක් දැම්ම තරුණියව බේරාගන්න දිවි පරදුවට තැබූ කොල්ලෝ ටිකට රෙස්පෙක්ට්..
02:25
Video thumbnail
යතුරුපැදියක් - ලොරියක වැදී 25ස් හැවිරිදී තරුණයා එතනම එළොව යයි - බයික් එකත් කුඩේ කුඩු
00:45
Video thumbnail
කාලගුණය උඩු යටිකුරු වන ලකුණු..ඉදිරියේදී වැසි වැඩිවෙයි - සුළං තත්ත්වයේ වැඩිවීමක්
03:40
Video thumbnail
පෙරහැරේ පිටුපසින් දුටු අපූරු දසුන... පෙරහැර මැද කැමරා ඇසක් වූ දියවඩන නිලමේ
00:10
Video thumbnail
ජොන්ස්ටන් ආණ්ඩුවට රිදෙන්නම දෙසයි..මෙයාලා පට්ටපල් බොරු කිව්වේ"මහින්ද ගත්ත චෙක් කෝ දැන් "
04:38
Video thumbnail
තව ටික දවසක් බලන් ඉමු, හන්දියක් හන්දියක් ගාණේ කියපු හොරු ටික අල්ලනකල්..
00:14