තරුණයෙකුට දස වද දුන් අනුරපුර පොලිසියේ කිහිපදෙනෙකුට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්

අනුරාධපුර පොලිසිය විසින් අත්අඩංගුවට ගත් තරුණයකුට අත්-පා බැඳ එල්ලා අමානුෂික ලෙස පොල්ලකින් පහර දෙමින් සොරකමක් පිළිබඳව පාපෝච්චාරණයක් කරන ලෙස බල කර, එම පාපෝච්චාරණය පොලීසියට අවශ්‍ය ආකාරයට ලබාදීම ප්‍රතික්ෂේප කිරීමෙන් පසු හෙරොයින් මත්කුඩු සන්තකයේ තබාගත්තේ යැයි චෝදනා කරමින් ඔහු රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කටයුතු කළ අනුරාධපුර පොලීසියේ නිලධාරීන් කිහිප දෙනකු ඒ වෙනුවෙන් තරුණයාට වන්දි ගෙවිය යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් ලබා දී තිබෙනවා.

අදාළ සිද්ධිය මඟින් අනුරාධපුර පොලීසියේ නිලධාරින් තිදෙනකු විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 11, 12(1) , 13(1) යන ව්‍යවස්ථාවන්හි සඳහන් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට අධිකරණය තීන්දු එහිදී තීන්දු කර තිබෙනවා.

ඒ, අතරින් එක් නිලධාරියකුවන පොලිස් පරීක්ෂක චන්ද්‍රසිරි මේ වන විට මියගොස් ඇති බැවින්; එම සිද්ධියට සම්බන්ධ බව කියන අනුරාධපුර පොලිසියේ පොලිස් සැරයන් සම්පත් සහ පොලිස් සැරයන් නිශාන්ත යන නිලධාරින් ඔවුන්ගේ පෞද්ගලික මුදල්වලින් රුපියල් ලක්ෂය බැගින් වන්දි මුදල් එම තරුණයාට ගෙවිය යුතු බවට නියම කෙරුණා.

ඊට අමතරව රුපියල් 25,000 බැගින් නඩු ගාස්තු ද පෙත්සම්කරුට ඔවුන් ගෙවිය යුතු බවත් එම වන්දි මුදල් මාසයක් ඇතුළත ගෙවා අවසන් කළ යුතු බව ද වැඩිදුරටත් නියෝග කර තිබෙනවා.

එම නිලධාරීන් සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගැනීම සඳහා මෙම නඩු තීන්දුවේ පිටපතක් ජාතික පොලිස් කොමිසම වෙත යොමු කරන ලෙසත් නියෝග කළේ.

අදාළ පහරකෑමට ලක් වූ අනුරාධපුර, මීගොඩ වැව ප්‍රදේශයේ පදිංචි සචිත්ත ප්‍රභාත් විජේරත්න විසින් එම පොලිස් නිලධාරීන් වගඋත්තරකරුවන් ලෙස නම් කරමින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක තීන්දුව 11 වනදා ප්‍රකාශයට පත් කරමින් මෙම නියෝග නිකුත් කරනු ලැබුවා.

ප්‍රීති පද්මන් සූරසේන, ගාමිණී අමරසේකර යන විනිසුරුවරුන්ගේ එකඟත්වය ඇතිව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මහින්ද සමයවර්ධන මහතා විසින් මෙම තීන්දුව විවෘත අධිකරණය හමුවේ ප්‍රකාශයට පත් කෙරුණා.

ප්‍රශ්න කිරීමට අවශ්‍ය බව කියමින් වගඋත්තරකාර පොලිස් නිලධාරීන් 2020 වසරේ ඔක්තෝබර් මස 03 වනදා දහවල් 1.30ට පමණ යකල්ල ප්‍රදේශයේ දී පෙත්සම්කාර තරුණයා අත්අඩංගුවට ගෙන පොලීසියේ අපරාධ විමර්ශන අංශයට රැගෙන ගොස් ඇති බව තීන්දුවෙහි සඳහන්.

සොරකමක් පිළිබඳව එම තරුණයාගෙන් ප්‍රශ්න කර ඇති අතර, තමන් ඒ පිළිබඳව කිසිවක් නොදන්නා බව ප්‍රකාශ කිරීමෙන් පසුව ඔහුගේ අත් සහ පාද බැඳ එල්ලා පොල්ලකින් වගඋත්තරකාර පොලිස් නිලධාරීන් විසින් පහර දී ඇති බව ද එම තීන්දුව මඟින් පෙන්වා දී තිබෙනවා.

අදාළ සොරකම ගැන පාපෝච්චාරණයක් කරන ලෙස ඔවුන් පෙත්සම්කරුට බල කරමින් පහරදීම සිදුකර ඇති අතර, එම තරුණයා බීමට ජලය ලබාදෙන ලෙස ඉල්ලා සිටිය ද, පසුදින තෙක් ඔහුට ජලය ලබා දී නොමැති බව නඩු විභාගයේ දී අනාවරණය වූ බව මෙම තීන්දුවෙහි දැක්වෙනවා.

අදාළ පාපෝච්චාරණය කිරීම පෙත්සම්කාර තරුණයා ප්‍රතික්ෂේප කර ඇති අතර, පැය ගණනාවක් පෙත්සම්කරුට අමානුෂික ලෙස පහර දෙමින් කෲර වධ හිංසනයට භාජනය කර පසුව හිස් කඩදාසියකට ඔහුගේ ඇඟිලි සලකුණු සහ අත්සන් ලබාගැනීමට වගඋත්තරකරුවන් කටයුතු කර තිබීම සම්බන්ධයෙන් ද විනිසුරු මඬුල්ලේ අවධානය යොමු කර තිබෙනවා.

එම පහරකෑම් හේතුවෙන් දැඩි ලෙස තුවාල ලබා සිටි පෙත්සම්කරුට ජලය හා ආහාර ලබාදීමට පසු දින කටයුතු කර ඇති අතර, අධිකරණ වෛද්‍ය නිලධාරියා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔහු රෝහල්ගත කර ඇති බව තීන්දුවෙහි සඳහන්.

හෙරොයින් මත්කුඩු සන්තකයේ තබා ගත් බවට බොරු චෝදනා එල්ල කරමින් මහේස්ත්‍රාත් අධිකරණයට හමුවට ඉදිරිපත් කර රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කටයුතු කළ වගඋත්තරකරුවන් පසුව රෝහලට පැමිණ මෙය තමන් අතින් සිදු වූ වරදක් බවත් මේ සම්බන්ධයෙන් ඉදිරියට කටයුතු නොකරන ලෙස ඉල්ලා තිබෙනවා.

ගොනුකර තිබෙන චෝදනා ඉල්ලා අස්කර ගන්නා බව දැනුම් දී ඇති බව පෙත්සම් විභාගයේ දී අනාවරණය වූ බව නඩු තීන්දුවෙහි සඳහන්.

මෙම සිද්ධියේ දී පොලීසිය නීතිය අභිබවා ගොස් තමන්ට පැවරී තිබෙන බලය අත්තනෝමතික ලෙස භාවිත කිරීමට කටයුතු කර ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල විසින් තීරණය කර තිබෙනවා.

අසත්‍ය චෝදනා ඉදිරිපත් කරමින් අනවශ්‍ය ආකාරයට අදාළ තරුණයා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට වගඋත්තරකරුවන් ක්‍රියාකර ඇති බවට විනිසුරු මඬුල්ල තීරණය කරනු ලැබුවා.

බලය අහිමි සහ වරප්‍රසාද නොමැති පිරිස් පොලීසියේ මෙවැනි අමානුෂික ක්‍රියාවන්ට ගොදුරු වීමේ ප්‍රවණතාවක් ඇති අතර එය කණගාටුදායක තත්ත්වයක් ලෙස අධිකරණය නිරීක්ෂණය කරන බව ද විනිසුරු මඬුල්ල විසින් තීන්දුවෙහි සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රත්තරං ඩීසල් ලීටරය රු.750යි මෙතන තියෙන්නේ 383..කවුද දැන් ඉතුරු ටික ගෙවන්නේ
05:04
Video thumbnail
තලපති විජේ ගැන කියලා ජීවන් අනුරට දාපු කින්ඩිය
00:56
Video thumbnail
රෝහණ බැද්දගේ බලන්න නිවසට ගිය නාමල් රාජපක්ෂ..නාමල්ගේ අත් දෙක අල්ලලා පිළිගත්ත හැටි
02:12
Video thumbnail
ඔයාලගේ ආණ්ඩුව තමයි ඒ කාලේ ගිනි තිබ්බේ
01:28
Video thumbnail
මගේ බල නහර ක#න්න එන්න එපා - මුජිබුර්ට රතු කට්ට පනී
01:48
Video thumbnail
මහින්ද මහත්තයාගේ කාලේ අපි සතුටින් හිටියා - අනුර කුමාර කියයි
12:57
Video thumbnail
විජෙත් පච කියලා ඕක ගත්තේ..තියෙන කච්චතිව් දූපතටත් ෂොට් එක දෙයිද දන්නේ නෑ..විජේ ඇවිල්ලනේ
02:40
Video thumbnail
මගඩියක් ගැන චාමර පාර්ලිමේන්තුවේ කළ හෙළිදරව්ව..Something ඉල්ලන්න ගෝලයෙක් දාලා
03:12
Video thumbnail
ව්‍යවස්ථාව කඩ කරපු කෙනෙක් මුදල් ලේකම් තනතුරේ ඉන්න බෑ
03:39
Video thumbnail
ඇයි යකෝ සල්ලි දෙන්නයි..හිරේ යන්නයි දෙකක් කරන්න බෑනේ - චාමරට යකා නගියි
08:42