මුම්බායි ත්‍රස්ත ප්‍රහාරයේ චූදිත තහවුර් රානා ඉන්දියාවට පිටුවහල් කිරීම ට්‍රම්ප් අනුමත කරයි

2008 මුම්බායි ත්‍රස්ත ප්‍රහාරයේ චූදිත තහවුර් රානා ඉන්දියාවට පිටුවහල් කරන බව ඩොනල්ඩ් ට්‍රම්ප් තහවුරු කර තිබෙනවා.

2008 මුම්බායි ත්‍රස්ත ප්‍රහාරයේ චූදිත තහවුර් රානා ඉන්දියාවට භාරදීමට එක්සත් ජනපදය එකඟ වූ බව අගමැති නරේන්ද්‍ර මෝදි සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡාවලින් පසු නිවේදනයක් නිකුත් කරමින් එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැවසුවා.

26/11 ත්‍රස්ත ප්‍රහාරයේ ප්‍රධාන චූදිතයා දැනට එක්සත් ජනපදයේ අධි ආරක්ෂිත බන්ධනාගාරයක සිටින අතර ඉන්දියාව ඔහුව පිටුවහල් කර ගැනීමට වසර ගණනාවක් තිස්සේ උත්සාහ කළා.

”නොවැම්බර් 26 වැනි දින එල්ල වූ මුම්බායි ත්‍රස්ත ප්‍රහාරයේ චෝදනාවට ලක්ව සිටින ඉතා භයානක පුද්ගලයෙක් අපි ඉන්දියාවට භාර දෙනවා,” ජනාධිපති ට්‍රම්ප් පැවසුවා.

2025 ජනවාරි 21 වැනි දින තරම් මෑතක දී, එක්සත් ජනපද ශ්‍රේෂ්ඨාධිකරණය තහවුර් රානා විසින් ඉන්දියාවට පිටුවහල් කිරීම සඳහා වූ සමාලෝචන පෙත්සම ප්‍රතික්ෂේප කළා.

මුම්බායි ත්‍රස්ත ප්‍රහාරයේ අපරාධකරුවන්ට යුක්තිය පසිඳලීම සහතික කිරීම සඳහා ඉන්දියාව දරන උත්සාහයට අපි දිගු කලක් තිස්සේ සහයෝගය ලබා දී ඇත,” අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක සඳහන් වුණා.

ත්‍රස්තවාදී චූදිතයන් පිටුවහල් කිරීමේ එක්සත් ජනපදයේ ස්ථාවරය අගමැති නරේන්ද්‍ර මෝදි අගය කළ අතර ඔහු පිටුවහල් කිරීම තහවුරු කිරීම පිළිබඳව ජනාධිපති ට්‍රම්ප්ට ස්තූතිය පළ කළා.

“මුම්බායි ත්‍රස්ත ප්‍රහාරයේ අපරාධකරුවෙකු ඉන්දියාවේදී ප්‍රශ්න කිරීම සහ නඩු විභාගය සඳහා පිටුවහල් කරනු ලැබේ. එම ක්‍රියාවලිය කඩිනම් කිරීම ගැන මම ජනාධිපති ට්‍රම්ප්ට ස්තුතිවන්ත වෙමි” යනුවෙන්.

නොවැම්බර් 11 මුම්බායි ත්‍රස්ත ප්‍රහාරයෙන් පුද්ගලයන් 164 දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.23
00:00
Video thumbnail
නොන්ඩි ගාගෙන උසාවියට ආපු හරක්කටා
01:20
Video thumbnail
සලේගේ මවගෙන් පාප් වහන්සේට ලියුමක්
00:50
Video thumbnail
කපුටු කාක්කව ගෙනල්ලා නීතිය ක්‍රියාත්මක කරනවා - බේරෙන්න බෑ
11:41
Video thumbnail
සලේගේ මවගෙන් පාප් වහන්සේට ලියුමක් - අපේ මුළු පවුලම කතෝලික..හරිම කණගාටුයි
01:52
Video thumbnail
රට අනුරට - ගොවියා කසිප්පු පොළට
05:42
Video thumbnail
කරන්න බැරිනම් මේ හත්තිලව්ව දීලා යන්න - මදුරුවෝ ඇවිත් මිනිස්සුන්ට ඇරියට පස්සේ චෙක් කරන්නේ
03:08
Video thumbnail
ආලෝකා සුනඛයා වගේ පාද යාත්‍රාවේ යන අපේ රටේ සුනඛයා - අනුරාධපුරයේ ඉදන් පාද යාත්‍රාවේ එන හැටි
02:41
Video thumbnail
මගේ ලැම්බෝගිනිය ගෙනත් දෙන්න - ආණ්ඩුවට පිං සිද්දවෙයි
08:09
Video thumbnail
සියම් පාද යාත්‍රාවේ එන සුනකයා - හාමුදුරුවන්ට කිට්ටු වෙන්න දෙන්නේ නෑ
01:06