නොරොච්චෝලේ විදුලි බලාගාරය ලබන 14 වනදා වන විට ජාතික විදුලි බල පද්ධතියට එක් කිරීමට බලාපොරොත්තු වන බව ලංකා විදුලි බල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශකවරයා පවසනවා.
අද (10) පස්වරු 3.30 සිට රාත්‍රී 9.30 තෙක් සිදුවන විදුලි කප්පාදුව සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා මේ බව කියා සිටියා.
ඊයේ (09) පෙරවරුවේ සිට දිවයින පුරා හදිසි විදුලි බිඳ වැටීමක් සිදු වුණා.
මෙවන් පසුබිමක් මත විදුලි සැපයුම් පද්ධතියේ අසමතුලිතතාවක් හේතුවෙන් මෙය සිදු වූ බවයි විදුලි බල මණ්ඩලය නිවේදනය කළේ.
කෙසේවෙතත් අද සහ හෙට (11) දෙදින පැය එකහමාරක කාලයක් දිනකට විදුලිය කප්පාදු කෙරෙනු ඇති.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1