AFC Banner
Empty Ad
Empty Ad

ෆයිසර් එන්නතට ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය – එන්නත් මාත්‍රා මිලියන 5ක් ගෙන්වීමටත් පියවර (වීඩියෝ)

ෆයිසර් – බයෝඑන්ටෙක් කොරෝනා එන්නත මෙරට හදිසි භාවිතය සඳහා අනුමැතිය හිමිවි තිබෙනවා.

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ උපදේශන මණ්ඩලය අදාළ අනුමැතිය ලබා දි ඇති බවයි රාජ්‍ය ඇමතිනි වෛද්‍ය සුදර්ශනීි ප්‍රනාන්දුපුල්ලේ සඳහන් කළේ.

ඒ අනුව ෆයිසර් කොරෝනා එන්නත් මාත්‍රා මිලයන 05 ක් මෙරටට ආනයනය කිරිමට පියවර ගන්නා බව ද ඇය කියා සිටියා.

ෆයිසර් – බයෝඑන්ටෙක්  එන්නත මෙරට හදිසි භාවිතය සඳහා අනුමැතිය හිමි වු තුන්වන කොරෝනා එන්නතයි.

මීට පෙර ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා සහ රුසියානු ස්පුට්නික් කොරෝනා එන්නත් සඳහා මෙරට ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය හිමිවුණා.

චීන සයිනොෆාම් එන්නත මෙරටට ගෙන එනු ලැබුව ද එය ලබා දුන්නේ මෙරට සිටින චීන ජාතිකයන් සඳහා පමණයි.

එහෙත් එම එන්නතට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය හිමිවූ විට මෙරට හදිසි භාවිතය සඳහා යොදා ගැනෙන බව සෞඛ්‍ය බලධාරින් ප්‍රකාශ කළා.

චීන සයිනොෆාම් එන්නත පිළිබඳ ලෝක සෞඛ්‍ය සංවිධානයේ තීරණය මේ මාසය තුල ප්‍රකාශයට පත් කරනු ඇතැයි අපේක්ෂිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?