ෆයිසර් එන්නතට ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය – එන්නත් මාත්‍රා මිලියන 5ක් ගෙන්වීමටත් පියවර (වීඩියෝ)

ෆයිසර් – බයෝඑන්ටෙක් කොරෝනා එන්නත මෙරට හදිසි භාවිතය සඳහා අනුමැතිය හිමිවි තිබෙනවා.

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ උපදේශන මණ්ඩලය අදාළ අනුමැතිය ලබා දි ඇති බවයි රාජ්‍ය ඇමතිනි වෛද්‍ය සුදර්ශනීි ප්‍රනාන්දුපුල්ලේ සඳහන් කළේ.

ඒ අනුව ෆයිසර් කොරෝනා එන්නත් මාත්‍රා මිලයන 05 ක් මෙරටට ආනයනය කිරිමට පියවර ගන්නා බව ද ඇය කියා සිටියා.

ෆයිසර් – බයෝඑන්ටෙක්  එන්නත මෙරට හදිසි භාවිතය සඳහා අනුමැතිය හිමි වු තුන්වන කොරෝනා එන්නතයි.

මීට පෙර ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා සහ රුසියානු ස්පුට්නික් කොරෝනා එන්නත් සඳහා මෙරට ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය හිමිවුණා.

චීන සයිනොෆාම් එන්නත මෙරටට ගෙන එනු ලැබුව ද එය ලබා දුන්නේ මෙරට සිටින චීන ජාතිකයන් සඳහා පමණයි.

එහෙත් එම එන්නතට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය හිමිවූ විට මෙරට හදිසි භාවිතය සඳහා යොදා ගැනෙන බව සෞඛ්‍ය බලධාරින් ප්‍රකාශ කළා.

චීන සයිනොෆාම් එන්නත පිළිබඳ ලෝක සෞඛ්‍ය සංවිධානයේ තීරණය මේ මාසය තුල ප්‍රකාශයට පත් කරනු ඇතැයි අපේක්ෂිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලංකාවේ සෑම ස්ථානයකටම ගිගුරුම් සහිත වැසි - කාලගුණයේ නවතම තතු මෙන්න
02:55
Video thumbnail
දුම්රිය රියදුරු හිඟය මත කිසිදු දුම්රියක් අවලංගු වුණේ නෑ - මෑත කාලයේ කරපු අසාර්ථකම වර්ජනය මේක
06:45
Video thumbnail
දුම්රිය වර්ජනය ගැන ලාල්කාන්ත කට අරියි - වැඩවර්ජන කරන්න ඇති තරම් ඉඩ තියෙනවා..
03:01
Video thumbnail
දැන් වාහන මිල සෑහෙන්න අඩුවෙලා - වාහන ගන්නවානම් හොඳ අවස්ථාවක් මේ
02:36
Video thumbnail
කෝච්චි එන්ජිමේ එල්ලිලා ආපු අය කිව්ව දේ - පාලකයෝ හරියට ඉන්න ඕන හදන්නනම් - ටිකට් කඩන් නෑ හොදයි
01:28
Video thumbnail
දුම්රිය වර්ජනය ගැන ජනතා අදහස් - ගොඩක් අඩුයි කෝච්චි - සියලු දේම අඩාලයි..බුදුන් අපිව බැලුවද දන්නේ නෑ..
04:25
Video thumbnail
පාවිච්චි කළ වාහන ගෙන්වන එකද ලාභ Brand New වාහන ගේන එකද ?
05:46
Video thumbnail
ශ්‍රී ලංකාව කලාපීය මූල්‍ය තාක්ෂණ මධ්‍යස්ථානයක් බවට පත් කළ යුතු බව සජිත් කියයි
02:47
Video thumbnail
ජල ගැල්මට ලක්වූ නිවාසවල ජනතාවට පිසු ආහාර ලබා දීමේ උතුම් ක්‍රියාව
01:59
Video thumbnail
මාරක අනතුරෙන් පසු එහි උණුසුම් තත්ත්වයක් - මූ හිඟාකන්න දාන්න ඕනි..කීදෙනෙක් මැ#ලද බලපන් ?
02:10