ශ්‍රී ලංකාවේ තුර්කි ජනරජයේ තානාපති සෙමි ලුට්ෆු ටර්ගුට් (Semih Lütfü Turgut) මහතා පසුගියදා (30) පාර්ලිමේන්තු පරිශ්‍රයේ දී ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කතානායක ජගත් වික්‍රමරත්න මහතා හමුවුණා.
පාර්ලිමේන්තු සන්නිවේදන අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ; මෙම අවස්ථාව සඳහා
පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය ද එක් ව සිටි බවයි.
ශ්‍රී ලංකාව සහ තුර්කිය අතර දිගුකාලීන ද්විපාර්ශ්වික සබඳතාවල ප්‍රධාන අංශ පිළිබඳව කතානායකවරයා සහ තානාපතිවරයා අදහස් හුවමාරු කරගත්තා.
පාර්ලිමේන්තු රාජ්‍ය තාන්ත්‍රික සබඳතා තුළින් දෙරට අතර සමීප සබඳතා වර්ධනය කිරීම අරමුණු කරගත් ශ්‍රී ලංකා – තුර්කි පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය දසවැනි පාර්ලිමේන්තුව සඳහා ප්‍රතිෂ්ඨාපනය කිරීම ඇතුළු
සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම පිළිබඳව ද මෙහිදී අවධානය යොමු කෙරුණු බවයි වාර්තා වන්නේ.
මේ අතර, තුර්කි තානාපති සෙමි ලුට්ෆු ටර්ගුට් මහතා පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායකවරයා ද හමුවුණා.
මෙහිදී පොදු උනන්දුවක් දක්වන ක්ෂේත්‍රවල අන්‍යෝන්‍ය අවබෝධය සහ හවුල්කාරිත්වය පුළුල් කිරීමේ වැදගත්කම අවධාරණය කළ තුර්කි තානාපතිවරයා, මෙරටට තවදුරටත් තුර්කි රජයේ සහාය ලබාදීමට අපේක්ෂා කරන බව ද සඳහන් කළා.
![තුර්කිය ශ්‍රී ලංකාවට දෙන සහාය තහවුරු කරයි (ඡායාරූප) 1 Turkish Ambassador 11](https://dasathalankanews.com/wp-content/uploads/2025/02/Turkish-Ambassador-11.webp)
![තුර්කිය ශ්‍රී ලංකාවට දෙන සහාය තහවුරු කරයි (ඡායාරූප) 2 Turkish Ambassador 10](https://dasathalankanews.com/wp-content/uploads/2025/02/Turkish-Ambassador-10.webp)
![තුර්කිය ශ්‍රී ලංකාවට දෙන සහාය තහවුරු කරයි (ඡායාරූප) 3 Turkish Ambassador 8](https://dasathalankanews.com/wp-content/uploads/2025/02/Turkish-Ambassador-8.webp)
![තුර්කිය ශ්‍රී ලංකාවට දෙන සහාය තහවුරු කරයි (ඡායාරූප) 4 Turkish Ambassador 5](https://dasathalankanews.com/wp-content/uploads/2025/02/Turkish-Ambassador-5.webp)
![තුර්කිය ශ්‍රී ලංකාවට දෙන සහාය තහවුරු කරයි (ඡායාරූප) 5 Turkish Ambassador 4](https://dasathalankanews.com/wp-content/uploads/2025/02/Turkish-Ambassador-4.webp)
![තුර්කිය ශ්‍රී ලංකාවට දෙන සහාය තහවුරු කරයි (ඡායාරූප) 6 Turkish Ambassador 3](https://dasathalankanews.com/wp-content/uploads/2025/02/Turkish-Ambassador-3.webp)