තුර්කිය ශ්‍රී ලංකාවට දෙන සහාය තහවුරු කරයි (ඡායාරූප)

ශ්‍රී ලංකාවේ තුර්කි ජනරජයේ තානාපති සෙමි ලුට්ෆු ටර්ගුට් (Semih Lütfü Turgut) මහතා පසුගියදා (30) පාර්ලිමේන්තු පරිශ්‍රයේ දී ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කතානායක ජගත් වික්‍රමරත්න මහතා හමුවුණා.

පාර්ලිමේන්තු සන්නිවේදන අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ; මෙම අවස්ථාව සඳහා
පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය ද එක් ව සිටි බවයි.

ශ්‍රී ලංකාව සහ තුර්කිය අතර දිගුකාලීන ද්විපාර්ශ්වික සබඳතාවල ප්‍රධාන අංශ පිළිබඳව කතානායකවරයා සහ තානාපතිවරයා අදහස් හුවමාරු කරගත්තා.

පාර්ලිමේන්තු රාජ්‍ය තාන්ත්‍රික සබඳතා තුළින් දෙරට අතර සමීප සබඳතා වර්ධනය කිරීම අරමුණු කරගත් ශ්‍රී ලංකා – තුර්කි පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය දසවැනි පාර්ලිමේන්තුව සඳහා ප්‍රතිෂ්ඨාපනය කිරීම ඇතුළු
සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම පිළිබඳව ද මෙහිදී අවධානය යොමු කෙරුණු බවයි වාර්තා වන්නේ.

මේ අතර, තුර්කි තානාපති සෙමි ලුට්ෆු ටර්ගුට් මහතා පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායකවරයා ද හමුවුණා.

මෙහිදී පොදු උනන්දුවක් දක්වන ක්ෂේත්‍රවල අන්‍යෝන්‍ය අවබෝධය සහ හවුල්කාරිත්වය පුළුල් කිරීමේ වැදගත්කම අවධාරණය කළ තුර්කි තානාපතිවරයා, මෙරටට තවදුරටත් තුර්කි රජයේ සහාය ලබාදීමට අපේක්ෂා කරන බව ද සඳහන් කළා.

Turkish Ambassador 11
Turkish Ambassador 10
Turkish Ambassador 8
Turkish Ambassador 5
Turkish Ambassador 4
Turkish Ambassador 3
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
PHI සෙට් එකක් අත්‍යවශ්‍ය ආහාර ගබඩා සහ වෙළඳසැල්වලට ඇවිත් දුන්න ෆුල් සුද්දය
03:58
Video thumbnail
"Private ගන්න සල්ලි නෑනේ මහත්තයෝ"..වෛද්‍ය වැඩ වර්ජනය හේතුවෙන් රෝගීන් දැඩි අපහසුතාවයට
01:44
Video thumbnail
වියළි කාලගුණය හමාර කරමින් බුත්තලට සහ මොණරාගලට තද වැසි
00:58
Video thumbnail
"අඩේ..අඩේ..ඉක්මනට ඇතුළට ඇදහන් බන්" යතුරුපැදියක් - ලොරියක වැදී සිදුවූ බිහිසුණු අනතුර
01:29
Video thumbnail
අනතුරකින් පාදයේ ආබාධයකයට ලක්වූ සෙබඩකට පිහිටට ආ තරුණ යුවළ
01:25
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
41:21
Video thumbnail
දෙමව්පියන්ගේ දෑසට කඳුළු නොගෙන්වන විදිහට තමන්ගේ රාජකාරිය ඉටුකරන්න
01:58
Video thumbnail
ආණ්ඩුව අත්සන් කරපු ගිවිසුම්වලින් වහාම අයින්වෙන්න
05:24
Video thumbnail
අපරාධවලට සම්බන්ධ නිලධාරීන්ව පොලිසියේ තියාගන්නේ නෑ
03:13
Video thumbnail
කිසිම ආණ්ඩුවක් මෙච්චර සහන දුන්නේ නෑ
03:33