පදිකයෙකුට ජීවිතය අහිමි කරමින් හොරණ – වැලිගම්පිටිය ඉන්ධන පිරවුම් හල අසල දී මාරක රිය අනතුරක් සිදු වුණා.
දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ; මාර්ගයේ පා ගමනින් යමින් සිටි හොරණ ප්‍රාදේශීය සභාවේ පරිසර අංශයේ කම්කරුවකුව යට කරමින් ලොරි රථයක් අනතුර සිදු කර එහි රියදුරු පලා ගොස් ඇති බවයි.
කෙසේවෙතත් හොරණ පොලිසිය සිදු කළ විමර්ශනවලින් අනතුරුව ලොරි රථය සඟවා තිබියදී සැකකරු සමග ම අත් අඩංගුවට ගැනීමට හැකි වුණා.
මරණකරු අනතුරින් පාරේ ඇද වැටී සිටියදියි මෙම ලොරි රථ රියදුරු පලා ගොස් ඇත්තේ.
අනතුරින් මියගොස් ඇත්තේ 47 හැවිරිදි රොස්වුඩ්වත්ත ප්‍රදේශයේ පදිංචි සරත් කුමාර නමැත්තෙක්.
අත්අඩංගුවට ගත් රියදුරු හොරණ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු එළඹෙන 14 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.