පුනරුද යුගය සඳහා වන සාමුහික ඇරඹුමට එක්වන්න – නිදහස් දිනය දා ජනපතිගෙන් සැමට ඇරයුම්

අද දිනයේ සමරනු ලබන 77 වන ජාතික නිදහස් දිනය වෙනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කර තිබෙනවා.

දූෂිත දේශපාලන තන්ත්‍රයේ දහසක් අවලාද සහ බාධා මැද පොදු මහජනතාව එක්ව ගොඩනැඟූ ජනතා රජය ස්ථාවරව ඉදිරියට යමින් සිටින බවයි ජනාධිපතිවරයා එම සුබ පැතුම් පණිවුඩයේ දක්වා ඇත්තේ.

එමෙන්ම පොරොන්දුව පරිදිම අද වන විට අප ජාතික පුනරුද යුගයක් වෙත ශ්‍රී ලංකාව කැඳවා යාමට මේ වන විට සමත්ව සිටින බව ද ජනාධිපතිවරයා එහි සඳහන් කර තිබෙනවා.

පුනරුද යුගය සඳහා වන සාමුහික ඇරඹුමට එක්වන ලෙසත්, 77 වන ජාතික නිදහස් දිනය සමරන මෙම අවස්ථාවේදී සැමදෙනාට ඇරයුම් කරන බවයි ජනාධිපති අනුර කුමාර දිසානායක සිය සුබ පැතුම් පණිවුඩය මඟින් සියලුම දෙනාට ඇරයුම් කරන්නේ.

“අද දින අප 77 වන ජාතික නිදහස් දිනය සමරන්නේ අලුත් නිදහසක් පිළිබඳ වූ බලාපොරොත්තු හද දරමිනි. ශ්‍රී ලංකා ඉතිහාසය ප්‍රව‍ර්තනය කරමින් උතුර, නැගෙනහිර, බටහිර, දකුණ සියලු ජනතාව එක් ව ගොඩනැඟූ මහජනතාවගේ ආණ්ඩුවක් සමඟ අප මේ වන විට අලුත් මඟකට පිවිස ඇත. පසුගිය සියවසේ අපට අහිමි වූ සහ අපට මඟහැරුණු පොහොසත් රටක් – ලස්සන ජීවිතයක් යළි ගොඩනඟා ගැනීමේ අභියෝගය සමඟ අපි සැමදෙනා මේ වන විට සාමුහිකව පොරබදමින් සිටිමු. අපගේ අනාගත පරපුර උදෙසා අප දේශය නව ස්ථරයක් වෙත ඔසවා තැබිය යුතුය. රුහිරෙන් කඳුලින් අරගල කළ ඉතිහාසයේ සියලු විරුවන්ගේ කැපකිරීම්වල අපේක්ෂාව වූයේ ද එයයි. ඒ, අනුව පුද්ගලිකවත් සාමූහිකවත් අප ඒකීය පද්ධතියක් ලෙස සමාජීය, පාරිසරික හා ආචාරධාර්මික මං ඔස්සේ සංවර්ධිත නූතන ශ්‍රී ලාංකික ජාතිය ගොඩනැඟිය යුතුය.
නව රජය ලෙස එහිදී පසුගිය මාස හතර තුළ මූලික වශයෙන් සවිමත් ආර්ථිකමය පදනමක් මත රට ස්ථාවර කිරීම, නව දේශපාලන සංස්කෘතියක් අභ්‍යාස කරමින්, දේශපාලනය හා දේශපාලනඥයා පිළිබඳ වූ නව පරමාදර්ශයක් වෙනුවෙන් කැපවීම, ජාතිවාදයෙන් හා ආගම්වාදයෙන් තොරව අනෙකා දෙස සමානාත්මතාවෙන්, ගෞරවනීය හා සහකම්පනීය ලෙස බැලීම හා සැලකීම කෙරෙහි ජනතාව මෙහෙය වීම හා නීති බල ගැන්වීම, ග්‍රාමීය දුප්පත්කම තුරන් කිරීමේ අපගේ මුඛ්‍ය පරමාර්ථ සාධනය කර ගැනීම සඳහා වූ ප්‍රතිපත්තිමය හා ක්‍රියාකාරී එළැඹුම සනිටුහන් කරමින්, අවදානමට ලක් වූ හා ලක් විය හැකි කිසිඳු පුරවැසියෙක් මඟ නොහැරෙන පරිදි අත්‍යවශ්‍ය සමාජ කණ්ඩායම් වෙත ප්‍රවේශය සහතික කරන සුබසාධන යාන්ත්‍රණ සැකසීම, අපට මඟහැරුණු නව්‍ය විද්‍යා හා තාක්ෂණ දියුණුව අත්පත් කර ගැනීම සඳහා ආර්ථිකය ඩිජිටල්කරණය කිරීමට අවැසි මුල් පියවර තැබීම, දූෂිත පාලකයන් සිටින රටක් ලෙස වූ පූර්ව නිගමනය බැහැර කර ලෝකයේ සියලු රටවල් හා ජාතීන් සමග වඩා විශ්වාසනීය ලෙස ගනුදෙනු කළ හැකි නොබැඳි විදෙස් ප්‍රතිපත්තියක් සහිත රටක් ලෙස ජාත්‍යන්තර ප්‍රජාව ඉදිරියේ යළි ශ්‍රී ලංකාව සන්නාම ගත කිරීම යන කාර්ය වෙත අපගේ අවධානය යොමු විය.
මේ අනුව පැවැති දූෂිත දේශපාලන තන්ත්‍රයේ දහසක් අවලාද හා බාධා කිරීම් මැද මෙරට පොදු මහජනතාව එක්ව ගොඩනැඟූ ජනතා රජය ක්‍රමානුකූලව නමුත්, ස්ථාවරව ඉදිරියට යමින් සිටී. අපගේ පොරොන්දුව පරිදිම අද වන විට අප ජාතික පුනරුද යුගයක් වෙත ශ්‍රී ලංකාව කැඳවා යාමට මේ වන විට සමත්ව සිටිමු. ඒ අනුව දැන් ඇත්තේ ඉහත කී පදනම මත ක්‍රමානුකූලව සියවස් ගණනක් අප දුටු සිහිනය සැබෑ කරගැනීම පිළිබඳ වූ ඉතිහාසයේ වඩා නිර්මාණශීලීම කාර්‍යය නොසැලෙන විශ්වාසයෙන් යුතුව ඉදිරියට රැගෙන යාමයි. ඒ වෙනුවෙන් සියලු ශ්‍රී ලාංකික ජනතාව වඩා ශක්තිමත්ව හා විශ්වාසයෙන් යුතුව පෙළගැසෙන ලෙසත්, නිදහස පිළිබඳ වූ නූතන සුසමාදර්ශයක් ගොඩනැඟීමේ කාර්යය හා එක්වන ලෙසත්, පුනරුද යුගය සඳහා වන සාමුහික ඇරඹුමට එක්වන ලෙසත්, 77 වන ජාතික නිදහස් දිනය සමරන මෙම අවස්ථාවේදී මුළුමහත් ශ්‍රී ලාංකික ජනතාවට මම ආරාධනා කර සිටිමි.”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආනවිළුන්දාව අක්කර ගණනක් විනාශ කළ ගින්න ගැන හෙළිදරව්වක් - හිතාමතා කරපු වැඩක්ද ?
04:34
Video thumbnail
නන්දා මාලනිය සිංදුවෙන් කියපු දේ එළියේ කියන්න ගිහින් මම ඇතුළට ගියේ - මට නඩු අඩුවෙනවා
05:10
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10