වයස අවුරුදු 19 පහළ කාන්තා පන්දුවාර 20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගන්නට ඉන්දීය 19 පහළ කාන්තා කණ්ඩායම අද (02) සමත් වුණා.
ඒ, අවසන් මහා තරගයේ දී දකුණු අප්‍රිකානු වයස අවුරුදු 19 පහළ කාන්තා කණ්ඩායම පරාජය කරමින්.
ඉන්දීය කණ්ඩායම මෙම අවසන් මහා තරගය ජයගත්තේ කඩුලු නවයකින්.
මලයාසියාවේ ක්වලා ලම්පූර්හිදී පැවති මෙම තරගයේ පළමුව පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකානු ක්‍රීඩිකාවන් පන්දුවාර 20 තුළ ලකුණු 82කට සීමා කරන්නට ඉන්දීය පන්දු යවන්නියන්ට හැකියාව ලැබුණා.
අනතුරුව ලකුණු 83ක පහසු ඉලක්කයක් හඹා ගිය ඉන්දීය ක්‍රීඩිකාවන් එම ඉලක්කය පන්දුවාර 11යි පන්දු 02ක් තුළ එක් කඩුල්ලක් පමණක් දැවී පසුකර ගියා.
ඒ, අනුව තරගය කඩුලු 09කින් ජයගත් ඉන්දීය කණ්ඩායම 2025 වයස අවුරුදු 19 පහළ කාන්තා පන්දුවාර 20-20 තරගාවලියේ ශූරතාව තමන් සතුකර ගත්තා.
පසුගියවර පැවති වයස අවුරුදු 19 පහළ කාන්තා පන්දුවාර 20-20 ලෝක කුසලාන තරගාවලියේ ශුරතාවය දිනාගත්තේ ද ඉන්දීය කණ්ඩායම විසින්.