ඉන්දීය අයවැයෙන් ශ්‍රී ලංකාවට කෝටි 300ක්

2025 වර්ෂය සඳහා වන ඉන්දීය රජයේ අයවැය ඊයේ (01) එරට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා.

ඒ, ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් විසින්.

මෙවර ඉන්දීය අයවැය තුළින් විදෙස් රටවල් සඳහා ඉන්දීය රුපියල් කෝටි 5,483ක මුදලක් වෙන්කර තිබූ බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

එලෙස වෙන්කර ඇති ඉන්දීය රුපියල් කෝටි 5,483ක මුදලෙන් ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉන්දීය රුපියල් කෝටි 300ක මුදලක් වෙන් කර තිබීම ද විශේෂත්වයක්.

ඉන්දීය රජය විසින් පසුගිය වසර තුළ සිය අයවැය තුළින් ශ්‍රී ලංකාවට ඉන්දීය රුපියල් කෝටි 245ක මුදලක් වෙන්කර තිබූ අතර, මෙවර එය රුපියල් කෝටි 55 කින් ඉහළ දමා තිබෙනවා.

ශ්‍රී ලංකාව පවතින ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා මෙවර අයවැය තුළින් මෙලෙස වැඩි මුදලක් වෙන් කිරීමට කටයුතු කළ බවයි ඉන්දීය රජය සඳහන් කළේ.

මේ අතර ඉන්දීය අයවැය තුළින් විදෙස් රටවල් සඳහා වෙන් කළ වැඩිම මුදල වෙන්කර ඇත්තේ භූතානය වෙනුවෙන් වන අතර; එම මුදල ඉන්දීය රුපියල් කෝටි 2,150ක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මුදල් ලේකම් ද්විත්ව පුරවැසියෙක් කියලා සංජීව සාක්ෂි එක්කම හෙළිකරයි ?.. නලින්ද කිව්වේ මොකක්ද එතකොට ?
04:55
Video thumbnail
Praharaya | පොදුජන පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක සංජීව එදිරිමාන්න සහභාගීවන ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:09:25
Video thumbnail
මහින්ද රාජපක්ෂ අත්අඩංගුවට ගන්නද යන්නේ ?..සංජීව සියල්ල හෙළිකරයි
04:16
Video thumbnail
ජනපති කළේ නොදියුණු ගෝත්‍රික ප්‍රකාශයක්..අධිකරණයේ නඩුවක තීන්දුව ජනපතිට අදාළ නෑ
05:33
Video thumbnail
ටී.බී. සරත් තිබ්බ ලෝක වාර්තාව ගැන සංජීව හෙළිකරයි..ආණ්ඩුව මැයි රැළි 21යි කලේ කියලා දන්නේ නෑ
04:43
Video thumbnail
මැයි දිනයක් කරන්න බැරි පොහොට්ටුවට රටේ ආයේ බලය ගන්න පුළුවන්ද ?
03:28
Video thumbnail
පොදුජන පෙරමුණේ මැයි රැළිය නොතිබ්බ ඇත්තම හේතුව මෙන්න..සංජීව හෙළිකරයි
02:24
Video thumbnail
ලාල්කාන්තගේ යට සෙට් එක කරන කැත වැඩේ මෙන්න ? කටින් කියූ සැණින් පරපෝෂිත මල් ගෙන්න අවසර දීලා
07:48
Video thumbnail
ඕපනායක අසමාන කන්දේ උඩ කොටස නාය යෑමකට ලක්වෙයි..පවුල් 30ක පිරිසක් ඉවත් කරයි
03:37
Video thumbnail
ප්‍රසිද්ධියේම ජනපති අධිකරණයට දැඩි බලපෑමක් කළේ..වරප්‍රසාද අස්සේ හැංඟිලා කරපු දැඩි ප්‍රකාශයක්
04:03