AFC Banner
AFC Banner
Empty Ad

පාස්පෝට් කන්තෝරුව පැය 24ම විවෘතව තබන්න ජනපතිගෙන් තීරණයක් (වීඩියෝ)

රාජ්‍ය සේවයේ පවතින පුරප්පාඩු 30,000ක් පිරවීම මෙම වසර තුළ දී ආරම්භ කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.

ජාතික ජන බලවේගයේ අද (01) දහවල් පැවති ජන හමුවකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.

ඒ, සඳහා මෙවර අයවැයෙන් ප්‍රතිපාදන වෙන් කිරිමර බලාපොරොත්තු වන බවයි ජනාධිපතිවරයා මෙහිදී පැවසුවේ.

එමෙන්ම විදෙස් ගමන් බලපත්‍ර ගැටළුව පෙර පැවති රජය විසින් නිර්මාණය කරන ලද්දක් බවයි ජනාධිපති අනුර කුමාර දිසානායක මෙම ජන හමුවේ දී අදහස් දක්වමින් සඳහන් කර සිටියේ.

ඒ, අනුව පැය විසිහතරම ආගමන විගමන දෙපාර්තමේන්තුව විවෘතව තබමින් මෙම ගැටළුව විසඳීම සඳහා කටයුතු කරන බවයි ඔහු පැවසුවේ.

එම කාර්යාලය පැය විසිහතරම විවෘතව තැබීම සඳහා විශ්‍රාම ගිය සේවකයින් බඳවාගෙන ඔවුන්ගේ සේවාව ද ලබා ගැනීමට බලාපොරොත්තුවන බව ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

ඒ, අනුව විදෙස් ගමන් බලපත්‍ර ලබාගැනීමේ දී පවතින ප්‍රමාද ගැටළුව කඩිනමින් නිරාකරණය වනු ඇති බව ද ඔහු සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?