පළමු දිනයේදී ම කැන්ගරුවන්ගේ ඉනිම සවිමත්

වෝර්න් – මුරලි ටෙස්ට් තරගාවලියේ පළමු ටෙස්ට් තරගය වර්ෂාව හේතුවෙන් දිනයේ අවසන් භාගයේ දී හෝරාවකට පමණ පෙරාතුව නතර කරනු ලැබුවා.

ඒ අනුව තරගයේ පළමු දිනය වන අද (29) දිනය නිමාවන විට ඔස්ට්‍රෙලියානු කණ්ඩායම කඩුලු 02ක් පමණක් දැවී ලබා සිටින ලකුණු සංඛ්‍යාව ලකුණු 330ක්.

තෙවැනි කඩුල්ල වෙනුවෙන් පිටියේ රැඳී සිටින්නේ නායක ස්ටීවන් ස්මිත් සමගින් උස්මන් කවජා.

ස්ටීවන් ස්මිත් සහ කවජා දෙදෙනා ම ටෙස්ට් ශතක රැස් කරගැනීමට සමත් වූ අතර ඔවුන් දෙදෙනා අතර ගොඩනැගුණු සබඳතාව ලකුණු 195ක්.

උස්මන් කවජා නොදැවී ලකුණු 147ක් සහ ස්මිත් නොදැවී ලකුණු 104ක් ලබා සිටිනවා.

මේ අතර ලොව ටෙස්ට් ලකුණු 10,000 සීමාව පසුකර ගිය 15 වැනි ක්‍රීඩකයා බවට පත් වීමට ස්ටීවන් ස්මිත් අද සමත් වුණා.

ශ්‍රී ලංකාව වෙනුවෙන් අද දිනයේ දී බිඳ දැමූ කඩුලු දෙකෙන් එකක් ප්‍රභාත් ජයසූරියට සහ ජෙෆ්‍රි වැන්ඩර්සේ හට හිමි වුණා.

හෙට (30) තරගයේ දෙවැනි දිනයයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
25ස් හැවිරිදී තරුණයෙකු එළොව යැවූ බිහිසුණු අනතුර
00:38
Video thumbnail
අත්තිඩියේදී කාර් රථයක් හදිසියේම ගිනිගන්නා අයුරු
01:10
Video thumbnail
අත්තිඩියේදී කාර් රථයක් හදිසියේම ගිනිගන්නා අයුරු - දෙවියනේ..මහ ගින්නක්
01:24
Video thumbnail
"කරුණාකරලා යන්න.. මෙතන ඉන්න එපා.. මොන එහෙකටද ඇම්බියුලන්ස් ගෙන්නුවේ."
01:09
Video thumbnail
ඇම්බියුලන්ස් එකක් නිසා සජිත්ට යකා නගියි - ඇයි අර ඇම්බියුලන්ස්..කරුණාකරලා යන්න ඉස්පිරිතාලෙට
02:25
Video thumbnail
නංගිව පෙන්නලා ආච්චිව දෙන්නයි යන්නේ..ආච්චි භයානකයි..රනිල් කවුද? අනිල් කවුද?
02:37
Video thumbnail
හිමි නමක් කොට්ටහච්චිට දෙසයි - පාස්පෝට් එකක් අරගෙන ගිහින් උගන්ඩාවේ සල්ලි අරන් එන්ඩ...?
03:21
Video thumbnail
ජිනානන්ද හිමිගෙන් ආණ්ඩුවට චෝදනා - පැලවත්තේ කල්ලිය රටට එරෙහි කුමන්ත්‍රණයක් කරනවා ?
01:38
Video thumbnail
පිරිසිදු ජල සිහිනය සිහිනයක්ම නොවෙන්න දුන් සජිත් ප්‍රේමදාස - ගොඩක් පින් සිද්ධවෙනවා..උතුම් වැඩක්
03:38
Video thumbnail
අනුර සහෝදරයෝ පාස්පෝට් එක දීලා කොට්ටහච්චිව යවන්න සල්ලි ගේන්න උගණ්ඩාවට..
00:22