AFC Banner
Empty Ad
Empty Ad

කොවිඩ් සෑදී මියගිය පළමු ගර්භනී කාන්තාවගේ දිවි බේරා ගැනීමට උත්සහ කළ වෛද්‍යවරයෙක් තැබූ සටහන

කොවිඩ් වෛරසය ආසාදනය වී පළමු වරට ගර්භනී කාන්තාවක් මෙරටදී ජිවිතක්ෂයට පත්වුවා. එම මරණය මෙරට ජනතාවගේ හදවත් තුළ දැඩි කම්පනයක් ඇතිකරවූ අතර එම සිදුවීම සම්බන්ධයෙන් රාගම රෝහලේ වෛද්‍යවරයෙකු විසින් සිය ෆේස්බුක් ගිණුමේ තබා තිබුණා.

මේ එම සටහනයි…

” වේලාව සවස 4.30ට පමන. Covid HDU එක තුල තවත් කාර්‍යබහුල වෙලාවකි.මාත් මාගේ මිත්‍රයාත් උදේ සිට රොගීන් සමග පොර බැද හෙම්බත්ව සිටියේය. අපේ nurses ලත් පැය ගනනක් ඇදි PPE ගලවා පැමිනියා පමනි. Ward registrar HDU එක තුලට කඩා වැදුනේ pregnant අම්මා කෙනෙක්ට Bed එකක් විමසමින්. ඒ වන විටත් අපගේ Bed 6 ම රෝගීන්ගෙන් පිරි ඇත.

සියලු දෙනාම ජීවිතයත් මරනයත් අතර සටනකය. සමහරු Ventilator වලය. සමහරු CPAP වලය. උපරිම ප්‍රමානයෙන් ඔක්සිජන් deliver කරමින් ඇත. HDU එක තුල වූ සියලුම Syringe Pump රෝගින්ට සවිකර ඇත. කිසිම අයෙකු සෙලවිය හැකි තත්වයක සිටියේ නැත. නමුත් ඉල්ලීම තුල ජීවිත දෙකකි.

අපි දෙදෙනට වෙන කල හැක්කක් නැත. තරමක් හෝ stable ව සිටිය patientව විගසින් වාට්ටුවකට මරු කර Bed එකක් සූදනම් කර ගත්තේය. සවස 6.30ට පමන මිනුවන්ගොඩින් transfer එක පැමිනියේය. ඇය වයස 45ක පමන තෙමස් මවකි. එයද ඇයගෙ පලමු දරුවා වීමද විශේශත්වයකි.

ඇය HDU එක තුලට ඇතුලුවත්ම කෑගසා ඉල්ලා සිටියේ ඇයව බේරා දෙන ලෙසය. ඇය ඉත අපහසුවෙන් හුස්ම ගනිමින් සිටියේය. කඩිනම් වූ අප කර්‍යමන්ඩලය විගස ඇයව bed එකට දමා monitor වලට සවිකරගත්හ. CPAP එක සූදනම් විය.

අමාරු වූ හුස්ම අතරින් ඇය මල්ලෙන් phone එක ඇද call එකක් ගන්නට දැගලිය. බෝහොවිට තමාගේ ස්වමියාට විය හැක. Bed එකට දමා ගත වූයෙ තප්පර කිහිපයකි. කිසිවක් කිරිමටවත් ඉඩ නොතබා ඇය arrest විය. මාගේ යලුවා තප්පර ගන්නකදි PPE එකට බැස ඇය ලගට දිව ගියහ. PPE එක සම්පූර්නයෙන් ඇන්දාද කියලවත් සිහි නැත. සියලුම හෙදියන් සමග ඔහු resuscitation පටන් ගන්නා අතර තුර මා Registrar, SR, Med Team සියල්ලන් කැදවිය.

විනාඩි 45 පමන අප දන්න සියලු ශිල්ප කලෙමු. නමුත් ජිවිතේ අනිත්‍යබවත්, කොවිඩ් නියුමෝනියාවේ දරුනු බවත් පසක් කරමින් ජීවිත දෙකක් එකට නැති විය. සියලු දෙනා විනාඩි කිහිපයක් නිරුත්තර විය. හෙදියන්ගේ විඩාබර මුහුනු දිගේ කදුලූ කැට වැටුනි.

මෙය තවත් එක අවසනාවන්ත එක සිදුවීමක් පමනි. අපගේ දාරිතාවන් ඉක්මවා යමින් ඇත. සියලුම සෞඛ්‍ය සේවකයන් හෙම්බත්ව ඇත. ඔවුන් , ඔවුන්ගේ උපරිමය කරමින් ඇත. මහජනතාව තමන්ගේ ආරක්ශව ගැන මීට වඩා සිතිය යුතුව ඇත. එසේ නොමැතිනම් අපිටද තව නෝබෝ දිනකින් උරුම වනුවේ ඉන්දියාවට වූ දේම බව මතක තබා ගන්නේන්ම් මැනවි.”

සටහන – වෛද්‍ය තරිදු C පෙරේරා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිතට නරක සිතුවිල්ලක් ආපුවාම - ඒක එවලේම අමතක කරලා දාන්න
09:33
Video thumbnail
8වන අනුප්‍රාප්තික විධායක ජනපති කළ අවසාන කතාව සම්පූර්ණයෙන් අහන්න
10:55
Video thumbnail
නුගේගොඩ වේදිකාවෙන් බැස්ස අනුරව වටකරගනී - හිමිනමක් අනුරව වැළඳ ගනී#anurakumaradissanayake
03:49
Video thumbnail
බල පෙරළිය ඇරඹෙයි - TNA ප්‍රබලයෙක් රනිල්ගේ සහයට
10:08
Video thumbnail
ජෝතිෂ්‍යට අනුව දිනන්නේ රනිල් - බුද මහ දසාවේ - සිකුරු අන්තරේ
02:07
Video thumbnail
සජිත්ගේ අවසන් රැළියට මහ සෙනගක් #sajithpremadasa
04:31
Video thumbnail
සජිත්ගේ වේදිකාවට අවසාන මොහොතේ නැගපු නිදහස් පක්ෂයේ ප්‍රබලයා
03:09
Video thumbnail
"එයා වාද විවාධ වලට යන්නේ නෑ" - ටිල්වින් - සජිත් නැත්තට නැති කරයි
05:37
Video thumbnail
සජිත් - නාමල් හොරෙන් ගහපු සන්ධානය ගැන විශේෂ හෙළිදරව්වක්
05:14
Video thumbnail
AKD නුගේගොඩ දෙවනක් කළ අවසන් සුපිරි කතාව#anurakumaradissanayake #npp
05:48

?