කොවිඩ් සෑදී මියගිය පළමු ගර්භනී කාන්තාවගේ දිවි බේරා ගැනීමට උත්සහ කළ වෛද්‍යවරයෙක් තැබූ සටහන

කොවිඩ් වෛරසය ආසාදනය වී පළමු වරට ගර්භනී කාන්තාවක් මෙරටදී ජිවිතක්ෂයට පත්වුවා. එම මරණය මෙරට ජනතාවගේ හදවත් තුළ දැඩි කම්පනයක් ඇතිකරවූ අතර එම සිදුවීම සම්බන්ධයෙන් රාගම රෝහලේ වෛද්‍යවරයෙකු විසින් සිය ෆේස්බුක් ගිණුමේ තබා තිබුණා.

මේ එම සටහනයි…

” වේලාව සවස 4.30ට පමන. Covid HDU එක තුල තවත් කාර්‍යබහුල වෙලාවකි.මාත් මාගේ මිත්‍රයාත් උදේ සිට රොගීන් සමග පොර බැද හෙම්බත්ව සිටියේය. අපේ nurses ලත් පැය ගනනක් ඇදි PPE ගලවා පැමිනියා පමනි. Ward registrar HDU එක තුලට කඩා වැදුනේ pregnant අම්මා කෙනෙක්ට Bed එකක් විමසමින්. ඒ වන විටත් අපගේ Bed 6 ම රෝගීන්ගෙන් පිරි ඇත.

සියලු දෙනාම ජීවිතයත් මරනයත් අතර සටනකය. සමහරු Ventilator වලය. සමහරු CPAP වලය. උපරිම ප්‍රමානයෙන් ඔක්සිජන් deliver කරමින් ඇත. HDU එක තුල වූ සියලුම Syringe Pump රෝගින්ට සවිකර ඇත. කිසිම අයෙකු සෙලවිය හැකි තත්වයක සිටියේ නැත. නමුත් ඉල්ලීම තුල ජීවිත දෙකකි.

අපි දෙදෙනට වෙන කල හැක්කක් නැත. තරමක් හෝ stable ව සිටිය patientව විගසින් වාට්ටුවකට මරු කර Bed එකක් සූදනම් කර ගත්තේය. සවස 6.30ට පමන මිනුවන්ගොඩින් transfer එක පැමිනියේය. ඇය වයස 45ක පමන තෙමස් මවකි. එයද ඇයගෙ පලමු දරුවා වීමද විශේශත්වයකි.

ඇය HDU එක තුලට ඇතුලුවත්ම කෑගසා ඉල්ලා සිටියේ ඇයව බේරා දෙන ලෙසය. ඇය ඉත අපහසුවෙන් හුස්ම ගනිමින් සිටියේය. කඩිනම් වූ අප කර්‍යමන්ඩලය විගස ඇයව bed එකට දමා monitor වලට සවිකරගත්හ. CPAP එක සූදනම් විය.

අමාරු වූ හුස්ම අතරින් ඇය මල්ලෙන් phone එක ඇද call එකක් ගන්නට දැගලිය. බෝහොවිට තමාගේ ස්වමියාට විය හැක. Bed එකට දමා ගත වූයෙ තප්පර කිහිපයකි. කිසිවක් කිරිමටවත් ඉඩ නොතබා ඇය arrest විය. මාගේ යලුවා තප්පර ගන්නකදි PPE එකට බැස ඇය ලගට දිව ගියහ. PPE එක සම්පූර්නයෙන් ඇන්දාද කියලවත් සිහි නැත. සියලුම හෙදියන් සමග ඔහු resuscitation පටන් ගන්නා අතර තුර මා Registrar, SR, Med Team සියල්ලන් කැදවිය.

විනාඩි 45 පමන අප දන්න සියලු ශිල්ප කලෙමු. නමුත් ජිවිතේ අනිත්‍යබවත්, කොවිඩ් නියුමෝනියාවේ දරුනු බවත් පසක් කරමින් ජීවිත දෙකක් එකට නැති විය. සියලු දෙනා විනාඩි කිහිපයක් නිරුත්තර විය. හෙදියන්ගේ විඩාබර මුහුනු දිගේ කදුලූ කැට වැටුනි.

මෙය තවත් එක අවසනාවන්ත එක සිදුවීමක් පමනි. අපගේ දාරිතාවන් ඉක්මවා යමින් ඇත. සියලුම සෞඛ්‍ය සේවකයන් හෙම්බත්ව ඇත. ඔවුන් , ඔවුන්ගේ උපරිමය කරමින් ඇත. මහජනතාව තමන්ගේ ආරක්ශව ගැන මීට වඩා සිතිය යුතුව ඇත. එසේ නොමැතිනම් අපිටද තව නෝබෝ දිනකින් උරුම වනුවේ ඉන්දියාවට වූ දේම බව මතක තබා ගන්නේන්ම් මැනවි.”

සටහන – වෛද්‍ය තරිදු C පෙරේරා



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පෙරහරට කලින් නුවරට වහින මහ වැස්ස..
00:11
Video thumbnail
ලොවම කම්පා කරමින් නේපාලයට ගලා ආ මහ ගංවතුර
01:42
Video thumbnail
ජනතාවට අගතියක් වෙන කිසිදු තීන්දුවක් මම ගන්නේ නෑ - පොදු ජනතාවට වෙන්නේ සුගතියක්
03:10
Video thumbnail
දැන් ඉන්නේ අපේ පිරිසිදු ටීම් එක විතරයි..සියලුම විකල්ප අත්හදා බැලුවා - සජිත් - ආණ්ඩුවට සැරවෙයි
01:19
Video thumbnail
හැමෝම බය කරන රකුසා ගැන ජනපතිගෙන් හෙළිදරව්වක්..ගම් නියම්ගම් කරා රකුසා පැතිරෙනවා
04:02
Video thumbnail
නේපාලයට ආ ගංවතුර ලංකාවට බලපායිද ? මෙන්න හෙළිදරව්වක් - ලංකාවෙත් මේක වෙන්න පුළුවන්
03:07
Video thumbnail
චමින්ද විජේසිරිගේ පියාගේ අභාවය වෙනුවෙන් ගිය සජිත් සංවේදී වූ අයුරු
01:58
Video thumbnail
මොන ප්‍රතිවිරෝධ ආවත් ගත් තීන්දු ආපසු හරවන්නේ නැහැ - ජනපති කිව්ව සැර කතාව
06:08
Video thumbnail
පවතින ක්‍රමය අසාර්ථකයි..එල්නිනෝ මාර්තු ආවනම් ලොකු අමාරුවක වැටෙනවා
08:38
Video thumbnail
ලොවම කම්පා කරමින් නේපාලයට ගලා ආ මහ ගංවතුර - සංවේදී අය නැරඹීමෙන් වළකින්න..!
02:48