දින 120ක් මුහුද යට – ලෝක වාර්තාවක් තැබූ මිනිසා මුහුදෙන් ගොඩ එයි (වීඩියෝ)

දින 120ක කාලයක් ජලය යට ජීවත් වී ලෝක වාර්තාවක් පිහිටුවීමට ජර්මානු ජාතිකයෙකු සමත්ව තිබෙනවා.

රුඩිගර් කොච් නැමැති 59 හැවිරිදි පුද්ගලයෙක් මෙම ලෝක වාර්තාව පිහිටුවා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මෙම පුද්ගලයා මුහුද යට ඉදිකළ වර්ග මීටර් 30ක කැප්සියුලයක් තුළ මෙලෙස දින 120ක කාලයක් ජිවත්ව ඇති බවයි වාර්තා වන්නේ.

ජර්මානු අභ්‍යවකාශ ඉංජිනේරුවෙකුවන රුඩිගර් කොච් ජලය යට යට ඉදිකළ කැප්සියුල තුළ දින 120ක කාලය ගෙවා නිමකරමින් ඊයේ (24) දිනයේ ඉන් පිටතට පැමිණ තිබෙනවා.

ඒ, අනුව මීට පෙර ඇමරිකානු ජාතික ජෝසප් ඩිටුරි විසින් ෆ්ලොරිඩා කලපුවක දිය යට ඉදිකළ ලැඟුම්හලක දින 100ක් ජීවත්වී පිහිටුවා තිබූ ලෝක වාර්තාව රුඩිගර් කොච් විසින් මෙලෙස බිඳ දමනු ලැබුවා.

රුඩිගර් කොච් දින 120ක කාලයක් ජීවත් වූ කැප්සියුලය මීටර් 11 මුහුද යට ඉදිකර තිබූ බවයි විදෙස් වාර්තා වැඩිදුරටත් තොරතුරු වාර්තා කළේ.

කොච් ජීවත් වූ කැප්සියුලයේ ඇඳක්, වැසිකිළියක්, රූපවාහිනියක්, පරිගණකයක් සහ අන්තර්ජාලය පහසුකම් පවා තිබූ බවයි වාර්තා වන්නේ.

එමෙන්ම ජලය යට ජීවත්ඔවන කාලය තුළ ඔහුගේ ශරීර සෞඛ්‍ය මනාව පවතවාගෙන යාම සඳහා ව්‍යායාම බයිසිකලයක් පවා ඒ තුළ තිබූ බව සදහන්.

කැප්සියුලය තුළ රඳවා තිබූ කැමරා හතරක් ඔස්සේ ඔහුගේ චලනයන් එම දින 120 තුළම රූගත කර ඇති අතර, ඒවා මඟින් ඔහුගේ දෛනික ජීවිතය, මානසික සෞඛ්‍යය නිරීක්ෂණය කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දියවඩන නිලමේගෙන් පෙරහර ගැන විශේෂ ප්‍රකාශයක්..ඉතා විනයගරුකව පෙරහර නරඹන්න
02:08
Video thumbnail
ආනවිළුන්දාව අක්කර ගණනක් විනාශ කළ ගින්න ගැන හෙළිදරව්වක් - හිතාමතා කරපු වැඩක්ද ?
04:34
Video thumbnail
නන්දා මාලනිය සිංදුවෙන් කියපු දේ එළියේ කියන්න ගිහින් මම ඇතුළට ගියේ - මට නඩු අඩුවෙනවා
05:10
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12