සද්ද දැමූ අර්චුනා මීක් නැතිව අධිකරණය හමුවේ පෙනී සිටියි

දැඩි ආන්දෝලනාත්මක චරිතයක් ලෙස සැලකෙන පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාතන් අර්චුනා මහතා අද (22) පෙරවරුවේ අධිකරණයට ඉදිරිපත් වී තිබෙනවා.

සිය නීතිඥවරයාගේ මාර්ගයෙන් මෝසමක් හරහා ඔහු අනුරාධපුර අධිකරණයට ඉදිරිපත් වී ඇති බවයි වාර්තා වන්නේ.

මන්ත්‍රීවරයාට එරෙහිව පවතින නඩුව අද දහවල් 12න් පසුව කැඳවීමට නියමිතයි.

පසුගියදා (20) රාත්‍රියේ දී මන්ත්‍රී අර්චුනා යාපනයේ සිට කොළඹ දක්වා සිය මෝටර් රථයෙන් පැමිණෙමින් සිටියදී අනවශ්‍ය ලෙස සවිකර තිබූ යැයි පැවසෙන VIP විදුලි ආලෝක හේතුවෙන් සහ රථ වාහන ධාවන නීති උල්ලංඝනය කිරීමේ චෝදනාව මත රඹෑව පොලිස් වසමේ දී රථවාහන පොලිසියෙන් නවත්තනු ලැබුවා.

එහිදී ඔහුගෙන් හැඳුනුම්පත සහ රියදුරු බලපත්‍ර ඉල්ලා සිටි අවස්ථාවේ දී අර්චුනා දැඩි කලහකාරී ලෙස හැසිරෙමින් සඳහන් කරන්නේ තමන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු බවත් තමන් ළඟ හැඳුනුම්පතක් නොමැති බවත් ඇත්තේ තාවකාලිකව ලබා දුන් පාර්ලිමේන්තු අනන්‍යතා පත්‍රය පමණක් බවයි.

මෙම සංවාදය හේතුවෙන් පොලිසිය සහ මන්ත්‍රීවරයා අතර උණුසුම් වචන හුවමාරුවක් ඇති වන අතර මන්ත්‍රීවරයා විසින් රාජකාරියේ නිරත ව සිටි පොලිස් නිලධාරීන්ට පරුෂ වචනයෙන් බැණ වැදීමක් ද සිදු කරනවා.

මෙම සිදුවීමට අදාළ ව රඹෑව පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුවයි මන්ත්‍රීවරයා අද දිනයේදී මෝසමක් මාර්ගයෙන් අධිකරණයට ඉදිරිපත් වූයේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
14
+1
1
+1
0
+1
1
+1
5
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉන්ධන මිල අඩුවීම ගැන නලින්ද හෙළිකරයි - සහනය ඉවත් කළොත් මිල තව ඉහළ යනවා
02:43
Video thumbnail
පාස්කුවේ ප්‍රහාරයේ ප්‍රතිලාභියා කාදිනල් හිමිද ? කිසිම පූජකයෙක් මැ#ණේ නෑ..ඒක සැකයි
02:22
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.23
08:07:32
Video thumbnail
ත්‍රස්තවාදී පනතෙන් ආණ්ඩුවත් වැඩ ගන්නවද ?නලින්ද සියල්ල හෙළිකරයි - දික්කසාද නඩුවක් වගේද මේක පේන්නේ ?
05:34
Video thumbnail
සලේටයි බිරිඳටයි නලින්ද කට උත්තර නැතිවෙන්න කිව්ව කතාව - මහත්තයාට කන්න කියන්න..පූජා තියලා හරියන්නේ නෑ
04:32
Video thumbnail
සෙංකෝලය උස්සන්න ගිය සිද්ධිය ගැන නලින්ද සැරවෙයි - අපිට කරගන්න බැරි තත්ත්වයක් තිබුණේ
05:00
Video thumbnail
අධික වේගයෙන් ධාවනය වු යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:54
Video thumbnail
ඔයාලට වැඩ බැරි නම් ඔය පුටුවලින් නැගිටිලා යන්න
03:05
Video thumbnail
ප්‍රසාද් සර්ගේ ප්‍රකාශයට කැබිනට් මාධ්‍ය හමුවේදී සැර කතාවක් - අපි තීන්දු ගන්නේ නෑ අධිකරණයම බලාගයි
01:55
Video thumbnail
අපි අමාරුවෙන් රට ගොඩනගද්දී විපක්ෂය ඒක කඩාකප්පල් කරන්න හදනවා
03:01