ට්‍රම්ප් ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඇමරිකාව ඉවත්කර ගනී

ඇමරිකා එක්සත් ජනපදය ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත් කිරීමේ නියෝගයට නව ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් අත්සන් තබා තිබෙනවා.

ගෝලීය සෞඛ්‍ය සංවිධානය විසින් කෝවිඩ් වසංගතය සහ අනෙකුත් ජාත්‍යන්තර සෞඛ්‍ය අර්බුද වැරදි ලෙස හසුරවා ඇති බවයි ට්‍රම්ප්ජනධිපති වරයා පවසා ඇත්තේ.

මෙම පියවර හේතුවෙන් එක්සත් ජනපදය මාස 12කින් ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත් වන අතර එහි කටයුතු සඳහා වන සියලුම මූල්‍ය දායකත්වයන්ද නවතා දැමෙනවා.

ලෝක සෞඛ්‍ය සංවිධාන වෙත ලබාදෙන අරමුදල්වලින් 18%ක් එක්සත් ජනපදය විසින් ලබාදෙන්නේ එම අරමුදලේ ප්‍රධානතම ආධාරකරුවා ලෙසටයි.

සෞඛ්‍ය විශේෂඥයින් පවසන්නේ එක්සත් ජනපදය ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත් වීම ගෝලීය නායකයෙකු ලෙස ජාතියේ කීර්ති නාමයට හානි කරන අතර, ඊළඟ වසංගතයට එරෙහිව සටන් කිරීම දුෂ්කර කරන බවයි.

ට්‍රම්ප් සිය පළමු ධුර කාලයේදී ද මෙම තීරණය ක්‍රියාත්මක කළ අතර,පසුව ජනපති ලෙස පත් වූ ජෝ බයිඩන් විසින් 2021 ජනවාරි 20 වන දින එම තීරණය අවලංගු කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආනවිළුන්දාව අක්කර ගණනක් විනාශ කළ ගින්න ගැන හෙළිදරව්වක් - හිතාමතා කරපු වැඩක්ද ?
04:34
Video thumbnail
නන්දා මාලනිය සිංදුවෙන් කියපු දේ එළියේ කියන්න ගිහින් මම ඇතුළට ගියේ - මට නඩු අඩුවෙනවා
05:10
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10