ප්‍රධාන ගංගා ද්‍රෝනි තුනකට ගංවතුර අවදානම් නිවේදන

පවතින අධික වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් ප්‍රධාන ගංගා ද්‍රෝනි තුනක ගංවතුර තත්ත්වය පිළිබදව අවදානම් නිවේදන නිකුත් කර ඇති බව වාරි මාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

ඒ, අනුව වාරිමාර්ග අධ්‍යක්ෂ (ජල විද්‍යා හා අපදා කළමණාකරන) එල්.එස්. සූරියබණ්ඩාර සඳහන් කළේ මහවැලි ගඟ සහ මුන්දෙනිආරු ගංගා ද්‍රෝනිවල සුළු ගංවතුර තත්ත්වයක් සහ මල්වතු ඔය ද්‍රෝනියේ ගංවතුර තත්ත්වයක් සම්බන්ධයෙන් අවදානම් නිවේදන නිකුත්කර ඇති බවයි.

මීට අමතරව වාරි මාර්ග දෙපාර්තමේන්තුව යටතේ පාලනවන දිවයිනේ ප්‍රධාන වැව් 73න් 50ක් සහ මධ්‍යම ප්‍රමාණයේ වැව් 171න් 39ක් වාන් දමන තත්ත්වයට පත්ව ඇති බවයි අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
3
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?