දිස්ත්‍රික්ක කිහිපයකට නායයාමේ පූර්ව අනතුරු ඇඟවීම්

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් දිස්ත්‍රික්ක කිහිපයක් සඳහා නායයාමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

අදාළ නිවේදනය අද (19) පෙරවරු 8.00 සිට හෙට (20) පෙරවරු 8.00 දක්වා බලාත්මක බවයි එම සංවිධානය පවසන්නේ.

ඒ, අනුව ‘අවදානයෙන් සිටින ලෙස’ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර ඇති ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වන්නේ,

මහනුවර දිස්ත්‍රික්කය – උඩුදුම්බර,
මාතලේ දිස්ත්‍රික්කය – යටවත්ත, උකුවෙල, රත්තොට, විල්ගමුව‍

ඊට අමතරව ‘විමසිලිමත්ව සිටින ලෙස’ අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර ඇති ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වන්නේ,

බදුල්ල දිස්ත්‍රික්කය – බදුල්ල, පස්සර, හාලිඇල
මහනුවර දිස්ත්‍රික්කය – මැදදුම්බර, පාතදුම්බර, දොළුව
කුරුණෑගල දිස්ත්‍රික්කය – රිදීගම
මාතලේ දිස්ත්‍රික්කය – ලග්ගල, පල්ලේගම, අඹන්ගඟ කෝරළය, පල්ලේපොල, මාතලේ, නාඋල



අපගේ නවතම වීඩියෝ පුවත්