එක්සත් ජනපදයට බලපා ඇති ලැව්ගිනි තත්ත්වය හේතුවෙන් අහිමි වූ ජීවිත සංඛ්‍යාව 11ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
මෙම මරණවලින් මරණ පහක් පැලිසේඩ්ස් ගින්නෙන් සිදුවී ඇති බවත්, අනෙක් හය ඊටන් ලැව්ගින්න ගින්න හේතුවෙන් සිදුවී ඇති බවයි.
මරණ සිදුව ඇත්තේ ඇල්ටඩෙනා, මැලිබු, පැසිෆික් පැලිසේඩ්ස් සහ ටොපන්ගා යන ප්‍රදේශවල බවයි වාර්තා වන්නේ.
විදෙස් වාර්තා සදහන් කරන්නේ බලධාරීන් තවමත් ප්‍රාන්ත දෙකක් පුරා ඇවිළෙන ලැව්ගිනි පහක් සමඟ සටන් කරමින් සිටින බවයි.
ජනාධිපති ජෝ බයිඩන් ලැව්ගිනි පැතිර යන ලොස් ඇන්ජලීස් ප්‍රාන්තය “යුද ස්ථානයක්” ලෙස විස්තර කරන අතර, මරණ සංඛ්‍යාව වැඩි වීමට බොහෝ විට අපේක්ෂා කරන බවට අනතුරු අඟවනවා.
මේ අතර ලැව්ගිනිවලින් විනාශ වූ ප්‍රදේශවල රාත්‍රී කාලයේ ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීමටයි කටයුතු කර ඇත්තේ.
සසෙක්ස් හි ආදිපාදවරයා සහ ආදිපාදවරියවන හැරී කුමරු සහ මේගන් කුමරිය පසඩෙනා හි සහන මධ්‍යස්ථානයකට ගොස් ගින්නෙන් පීඩාවට පත් වූවන් හමුවී තිබෙනවා.
එමෙන්ම කැලිෆෝනියා හි ආණ්ඩුකාර ගැවින් නිව්සම්; එක්සත් ජනපදයේ නව ජනාධිපති ධුරයට පත් ඩොනල්ඩ් ට්‍රම්ප්ට කැලිෆෝනියාවට පැමිණෙන ලෙස ආරාධනා කර ඇති බවයි වර්තා වන්නේ.
එමෙන්ම ලොස් ඇන්ජලීස් පුරා පැතිරී ඇති විනාශකාරී ගින්න දේශපාලනීකරණය නොකරන ලෙස ද ආණ්ඩුකාරවරයා ඉල්ලා සිටිනවා.
රිපබ්ලිකන් පක්ෂයේ ඩොනල්ඩ් ට්‍රම්ප්, කැලිෆෝනියාවේ ඩිමොක්‍රටික් පක්ෂය හදිසි අවස්ථාව හැසිරීම සම්බන්ධයෙන් දැඩි ලෙස විවේචනය කර ඇති බව සඳහන්.
මේ අතර ලොස් ඇන්ජලීස් හි පැතිර යන ලැව්ගිනි මාධ්‍යයේ කොල්ලකෑම් වලට සම්බන්ධ පුද්ගලයින් 20කට වැඩි ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.