පානදුරේ මාළු පාන් ඇතුළේ දැන් ලයිටර් කෑලිත් එනවා (වීඩියෝ)

පානදුර ප්‍රදේශයේ හෝටලයකින් මිල දී ගත් මාළු පාන් ගෙඩියක තිබී ලයිටරයක කොටස් හමු වී තිබෙනවා.

පානදුර, අරුක්ගොඩ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් අද (08) උදෑසන සිය පුතුන් දෙදෙනාට ලබාදීම සඳහා අදාළ හෝටලයෙන් මාළු පාන් ගෙඩි දෙකක් මිළදී ගෙන ඇති බවයි වාර්තා වුණේ.

එහිදී, සිය බාල පුත්‍රයා ආහාරයට ගත් මාළු පාන් ගෙඩියේ තිබී ලයිටරයක ලෝහමය කොටසක් හමු වූ බවයි ඔහු සඳහන් කළේ.

මේ සම්බන්ධයෙන් ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාව දැනුවත් කර ඇතත් ඔහු පවසා ඇත්තේ, අද දිනයේ තමන් නිවාඩු බවත්, පානදුර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය වෙත සිය ගැටලුව දැනුම්දෙන ලෙසයි.

ඒ, අනුව පානදුර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය වෙත ගොස් මේ සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට සූදානම් වුවත් එම පැමිණිල්ල භාර ගැනීම ප්‍රතික්ෂේප කර තිබෙනවා.

එහිදී නිලධාරීන් පවසා ඇත්තේ එම හෝටලය පානදුර නගර සභා සීමාවේ ඇති හෝටලයක් බැවින් ඒ සම්බන්ධයෙන් නගර සභාවට අනුයුක්ත මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට දැනුම් දෙන ලෙසයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොහොට්ටුවේ මීනු කළුතර හොල්ලයි..නාමල්ගේ Meetingවලට එන සෙනඟ දැකලා NPP එකේ කකුල් වෙව්ලනවා
07:01
Video thumbnail
නාමල් රාජපක්ෂගේ මීටින්වලට එන ජන ගඟ දැකලා NPP එකේ කකුල් සට සට ගාලා වෙව්ලනවා..
00:10
Video thumbnail
බොරු පොරොන්දු ආකරයක් තුළින් රටම රවට්ටලා - රජයේ මන්ත්‍රීලා එකතුවෙලා ඉඩම් මංකොල්ල කනවා ?
03:53
Video thumbnail
වී කන්න ආ වන අලියා නිවසට ප#රදී කුඩු කරලා - වන අලි තර්ජනය උග්‍ර වෙයි - ජනතාව අසරණවෙයි
00:47
Video thumbnail
කොට්ටහච්චිට හිටපු ඇමති චන්දිමගෙන් සැර හින්ට් එකක්.."කොට්ටෝරුවා වගේ"
10:54
Video thumbnail
මුළු තලවකැලේම ජනතාව භීතියට පත්කළ බස් නැවතුමේ බිහිසුණු සිදුවීම - ටවුන් එකේ ඉන්න බෑ
02:14
Video thumbnail
මහා දරුණු දේශපාලන කල්ලි අපි පලවා හැරියේ - අපිට ලැබුණේ අඩිය නැති ආර්ථිකයක් තිබුණ රටක්
10:53
Video thumbnail
මහින්ද මහත්තයා දකුණේ කියද්දි ගැම්මක් තිබුණා - නීතිය සැමට උඩින් කිව්වා..අද කෝ ආයෝජකයෝ ?
10:02
Video thumbnail
අධිබලැති විදුලි රැහැන් කණුවක නැගලා මනුස්සයෙක් දාපු සෙල්ලම - "පාන්දර ඉදලා ඉන්නේ..කෑගැහුවා"
02:02
Video thumbnail
දියවඩන නිලමේගෙන් පෙරහර ගැන විශේෂ ප්‍රකාශයක්..ඉතා විනයගරුකව පෙරහර නරඹන්න
02:08