ඕස්ට්‍රේලියාව ටෙස්ට් ලෝක ශූරතාවේ අවසන් මහා තරගයට

ටෙස්ට් ලෝක ශූරතාවේ අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලැබීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායම අද (05) සමත් වුණා.

ඒ, ඉන්දියාව සමඟ පැවති බෝඩර් ගවස්කාර් කුසලායේ පස්වන තර ජයගෙන තරගාවලිය තරග තුනට එකක් ලෙස ජයගැනීමත් සමඟයි.

මෙම ජයග්‍රහණයත් සමඟ එළඹෙන ජුනි 11 වනදා එංගලන්තයේ ලෝර්ඩ්ස් ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී දකුණු අප්‍රිකාව සමඟ ඕස්ට්‍රේලියානු කණ්ඩායම 2023-2025 ටෙස්ට් ලෝක ශූරතාව වෙනුවෙන් තරග වදිනු ඇති.

ඕස්ට්‍රේලියානු කණ්ඩායම ටෙස්ට් ලෝක ශුරතාවේ අවසන් මහා තරගයක් සඳහා සුදුසුකම් ලැබූ දෙවන අවස්ථාව මෙයවීම ද විශේෂත්වයක්.

ඕස්ට්‍රේලියානු කණ්ඩායම ලැබූ මෙම ජයග්‍රහණයත් සමඟ අවසන් මහා තරග සඳහා එක්වීමට ශ්‍රී ලංකාවට තිබූ බලාපොරොත්තුව බොඳ වී ගියා.

යම් හෙයකින් ඕස්ට්‍රේලියාව සහ ඉන්දියාව අතර අද අවසන් වූ පස්වන සහ අවසන් ටෙස්ට් තරගය ජය පරාජයෙන් තොරව අවසන් වූවානම්; අවසන් මහා තරගය සඳහා ශ්‍රී ලංකාවට තව දුරටත් බලාපොරොත්තු තබා ගැනීමට අවස්ථාව පවතිනවා.

මේ අතර ටෙස්ට් ලෝක ශුරතාවලියේ දී ඕස්ට්‍රේලියානු කණ්ඩායමට තවත් තරග දෙකක් ඉතිරිව පවතින අතර, එම තරග දෙක ශ්‍රී ලංකාව සමඟ එළඹෙන 27 වනදා ආරම්භ වනවා.

1


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සෙත් ශාන්තියක් කරගන්න කැබලිත්ත දේවාලයට ආ වන අලියා
00:57
Video thumbnail
සෙත් ශාන්තියක් කරගන්න කැබලිත්ත දේවාලයට ආ වන අලියා - බලන්නකෝ ඉන්න අපූරුව
01:21
Video thumbnail
“දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගාරය විදුලිබල පද්ධතියට එක් කරයි
01:18
Video thumbnail
සෞදියේදී ම#ණ දඬුවම හිමිවූ තරුණයාගේ මව හඬා කියූ දේ
01:00
Video thumbnail
නාමල් බලන්න අධිකරණයට ආ ලක්ෂ්මන් යාපාත් හරවා යවපු හැටි
01:16
Video thumbnail
මේ යන්නේ හිට්ලර් පාලනයක් හදන්න - ජනතාව පැලවත්තේ සිරකරුවන් කරගන්න රජය උත්සාහ කරනවා
14:43
Video thumbnail
මාතර දිස්ත්‍රික්කයේ දරුවන් අයිස් මත්ද්‍රව්‍ය භාවිතයේ වර්ධනයක් - ධීවර හා සංචාරක ප්‍රදේශවල බහුලයි
01:16
Video thumbnail
සීට් බෙල්ට් තියෙන වාහන පමණයි අදින් පසු අධිවේගී මාර්ගවල ගමන් කරන්න පුළුවන්
02:45
Video thumbnail
සෞදියේදී ම#ණ දඬුවම හිමිවූ තරුණයාගේ මව හඬා වැටෙමින් ඉල්ලපු දේ - "පුතාගේ අතින් වුණ වරදට සමාව දෙන්න"
01:19
Video thumbnail
දිලිත් තරුණයින් එක්ක බොක්කෙන්ම කිව්ව දේ - හා..හා..ඩෝබි Commentsවලට කළබල වෙන්න එපා
12:33