ඉන්දීය කණ්ඩායම ඔස්ට්‍රෙලියාවට වඩා ලකුණු 145ක් ඉදිරියෙන්

බෝඩර් ගවස්කා‍ර් ටෙස්ට් කුසලානයේ අවසන් ටෙස්ට් තරගයේ දෙවැනි දිනය නිමා වන විට සංචාරක ඉන්දීය කණ්ඩායම කඩුලු 06ක් දැවී ඔස්ට්‍රෙලියාවට වඩා පළමු ඉනිමෙන් ලකුණු 145ක් ඉදිරියෙන් සිටිනවා.

තරගය ඊයේ (03) සිඩ්නි නුවර දී ආරම්භ වූයේ කාසියේ වාසිය නායක ජස්ප්‍ර්‍රිට් බුම්‍රාට හිමිකර දෙමින්.

ඒ අනුව ඉන්දීය කණ්ඩායම පළමු ව ලකුණු රැස් කිරීමට තීරණය කළා.

ඔස්ට්‍රෙලියානු පන්දු බලඇණියේ පීඩනය හමුවේ ඉන්දීය පිල සිය පළමු ඉනිමට රැස් කළේ ලකුණු 185ක් පමණි.

විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ ස්කොට් බෝලන්ඩ් කඩුලු 04ක් බිඳ හෙලුවා.

මිචෙල් ස්ටාක් කඩුලු 03ක්, පැට් කමින්ස් කඩුලු 02ක් සහ එක් කඩුල්ලක් නෙතන් ලියෝන් බිඳ හෙලුවා.

පළමු ඉනිම වෙනුවෙන් ඉන්දීය කණ්ඩායමේ වැඩිම ලකුණුලාභියා වූයේ රිෂාබ් පාන්ට්.

පාන්ට් ලකුණු 40ක් රැස් කළා.

ඉන් අනතුරුව සිය පළමු ඉනිම පිතිකරණය ඇරඹි ඔස්ට්‍රෙලියාවට කිසිදු ලෙසකින් සාර්ථක පිතිකරණයක නියැලෙන්නට ඉන්දීය වේග පන්දු බලඇණිය ඉඩදුන්නේ නැහැ.

මංගල ටෙස්ට් වරම් දිනූ බියූ වෙබ්ස්ටර් පමණක් ඔස්ට්‍රෙලියා පිතිකරුවන්ගෙන් පළමු ඉනිමේ දී සාර්ථක වූයේ සිය කුළුදුල් ටෙස්ට් අර්ධ ශතකය ලබා ගනිමින්.

ස්ටීවන් ස්මිත් ලකුණු 33කට දැවී ගියා.

කඩුලු බිඳ හෙලීමේ දී මොහොමඩ් සිරාජ් සහ ප්‍රසිද්ධ් ක්‍රිෂ්ණා කඩුලු 03 බැගින්, බුම්‍රා සහ නිටිෂ් කුමාර් කඩුලු 02ක බැගින් බිඳ හෙලුවා.

ඉන් අනතුරුව සිය දෙවැනි ඉනිමට පිතිකරණය ඇරඹි ඉන්දීය කණ්ඩායමේ කඩුලු කෙටි ඉනිමක් තුළ බිඳ දමන්නට ඔස්ට්‍රෙලියාව යළිත් සමත් වුණා.

තම කණ්ඩායමට වඩා ලකුණු 04ක් පමණක් ඉදිරියෙන් සිටිමින් සිය දෙවැනි ඉනිම ඇරඹි ඉන්දියාව දිනය අවසන් කළේ තවත් කඩුලු 04ක් පමණක් හෙට (05) දිනට ඉතිරි කරගනිමින්.

වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ රිෂාබ් පාන්ට් ලකුණු 61ක් රැස් කළා.

ජයිස්වාල් ලකුණු 22යි.

අද දිනයේදිත් විරාට් කෝලි අසාර්ථක වූයේ මෙම තරග 05 ම එක් ශතකයක් පමණක් ලබාගනිමින්.

විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ ස්කොට් බෝලන්ඩ් කඩුලු 04ක් බිඳ දැමූ අතර වෙබ්ස්ටර් සහ කමින්ස් එක් කඩුල්ල බැගින් බිඳ හෙලුවා.

හෙට තරගයේ තෙවැනි දිනයයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට තද වැසි තත්ත්වයක් - ප්‍රබල අකුණු ඇතිවෙන්න පුළුවන්
03:54
Video thumbnail
පා ගමනේ කොළඹට එන මිනිස්සු මහ වැස්සට තෙමෙන හැටි - විමල්, ගම්මන්පිල ඇතුළු සෙට් එකත් එතන
01:17
Video thumbnail
මට තමයි ග#න්න තියෙන්නේ උඹලා ඔක්කොම එකතුවෙලා - මම හිතුවේ අපිට උදව් කරන්න ආපු ළමයෙක් කියලා
04:20
Video thumbnail
විමල්, ගම්මන්පිල ඇතුළු දේශපාලන ප්‍රබලයින් වැස්සේ තෙමීගෙන පා ගමනට එකතුවෙයි
01:14
Video thumbnail
ඥානසාර හිමිට සමාව ඉල්ලා ජනපති කාර්යාලයට ආ සීලරතන හිමි - ජනපති විනාශ කරන්නේ මේ හෙංචයියෝ
04:59
Video thumbnail
කප්පරතොට වෙරළ තීරයෙන් හමුවූ මත්ද්‍රව්‍ය උර - හතර වටේටම STF එකෙන් බහියි
02:34
Video thumbnail
අත්අඩංගුවට ගැනීම් කරන්නේ ඔවුන්ගේ නොහැකියාව වහගන්න - ජනපති බොරු කියමින් රට වටේ යනවා
03:24
Video thumbnail
තිලීපන් සැමරුම නොදැක්කා වගේ හිටිය ජනපති පා ගමනට බාධා කරනවා - ජනපතිට පුළුවන්නේ සමාව දෙන්න
06:38
Video thumbnail
සජිත්, නිලධාරින්ගෙන් ප්‍රශ්න කරයි..පිළිතුරේ පරස්පරයක් තියෙනවා - ඇයි වසර දෙකක ප්‍රමාදයක් ?
19:12
Video thumbnail
එකම රාත්‍රිය තුළ පූජා ස්ථාන දෙකකට හොරු පැනලා සුද්දයක් දීලා - නිල සුනඛයින් දමා පරීක්ෂා කරන අයුරු
01:42