දුමින්ද සිල්වාගේ සිර මැදිරියෙන් මුකුත් හමුවුණේ නෑ (වීඩියෝ)

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා බන්ධනාගාර රෝහලේ සිට එක් කළා යැයි පැවසෙන ඡායාරූපයක් සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ගාමිණී බී. දිසානායක මහතාගෙන් ප්‍රශ්න කර තිබෙනවා.

අද (04) පැවති මාධ්‍ය හමුවක දී බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ; එම ඡායාරූපය බන්ධනාගාර රෝහලේ දී ගත් එකක් දැයි තමන්ට නිශ්චිත ව ම කිව නොහැකි බවයි.

නමුත් දුමින්ද සිල්වා මහතා රඳවා සිටින සිර වාට්ටුව කලකට පෙර දී ද වරින් වර සෝදිසි කිරීම් සිදු කළ බවත් එහි තිබී කිසිදු ජංගම දූරකථනයක්, ලැප්ටොප් පරිගණක හෝ විද්‍යුත් හෝ තාක්ෂණික උපාංග සොයාගැනීමට නොහැකි වූ බවයි හෙතෙම වැඩිදුරටත් පැවසුවේ.

කෙසේවෙතත් බන්ධනාගාරයක් තුළ නිලධාරීන්ගේ ඇසට හසු නොවන පරිදි දූරකථන තිබිය හැකි බවත් ඒ සම්බන්ධයෙන් හැකි සෑම විටක ම පරීක්ෂණ සිදු කරන බව ද බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියා.

මීට මාස දෙකකට පූර්වයෙන් ද සම්පූර්ණ සෝදිසි කිරීමක් බන්ධනාගාර රෝහලේ සිදු කළ බවත් ගාමිණී බී. දිසානායක මහතා වැඩිදුරටත් කියා සිටියා.

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වී සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට ජනාධිපති සමාව ප්‍රදානය කර නිදහස් කිරීමේ දී හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් ප්‍රතිපාදන නොසලකා හැර සිය බලය අත්තනෝමතික ලෙස ක්‍රියාවේ යොදවමින් අනීතික ආකාරයෙන් කටයුතු කර ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය 2024 ජනවාරි මස 17 වැනි දා තීරණය කළා.

ඒ අනුව දුමින්ද සිල්වාට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ප්‍රදානය කළ සමාව බල ශූන්‍ය යැයි තීන්දු කළ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් ඔහුට පනවා තිබෙන දඬුවම ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට නියෝග කරනු ලැබුවා.

ඒ අනුව එදා සිට මේ දක්වා හිටපු මන්ත්‍රී දුමින්ද සිල්වා පසුවන්නේ බන්ධනාගාර රෝහල් භාරයේයි.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් සමාව ප්‍රදානය කරමින් දුමින්ද සිල්වා නිදහස් කිරීමේ තීරණය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා මියගිය භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍රගේ බිරිඳ වන සුමනා ප්‍රේමචන්ද්‍ර , දියණිය වූ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සහ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ හිටපු කොමසාරිස්වරයෙකු වන නීතිඥ ගසාලි හුසේන් යන අය විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම්වල තීන්දුව දෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය අදාළ නියෝගය නිකුත් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
6
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අම්මෝ එකපාරටම රෝදේ ගැලවිලා ගිහින් අන්තිමට වුණ දේ..
00:49
Video thumbnail
කුමාර ජයකොඩි වරදක් කළේ නෑ - විපක්ෂයේ මරළතෝනි නිසයි අපිම අයින් කළේ
06:58
Video thumbnail
ආණ්ඩුව දැන් IMF සිප වැළඳගෙන හමාරයි - IMF එකේ සුරතලා වෙලා
07:42
Video thumbnail
අහිංසක රොටි කඩේටත් බදු ගහලා - දිලිත් සැරවෙයි
03:52
Video thumbnail
යතුරුපැදියක් ගසක ගැටී ගුරුවරයෙකු අවසන් ගමන් යයි
01:03
Video thumbnail
දිට්වා ප්‍රතිලාභ නොලැබුණා කියලා පිරිසක් රාජාංගනය ප්‍රා.ලේකම් කාර්යාලය වටලයි
16:10
Video thumbnail
ආදරණීයයන්ගේ සෝ සුසුම් රැගෙන මැද කැන්ඩි ළමිස්සි අවසන් ගමන ගිය හැටි
02:53
Video thumbnail
කැන්ඩි ළමිස්සිට ගීයකින් උපහාර කළ මිතුරන්
09:16
Video thumbnail
පුංචි දරුවොත් බෝඩ් උස්සගෙන පාරට බැහැලා විරෝධතාවයක
09:59
Video thumbnail
නාමල් පාතාලයට සම්බන්ධයි කියලා මාලිමාවෙන් බොරු ප්‍රචාරයක් කරනවා
09:06