ආසියාවේ කළු වෙළඹ කැන්ගරු දේශයට පනියි

ආසියාතිකකරයට මෙන් ම ශ්‍රී ලංකාවට අදටත් අමරණීය මතකයක් මලල ක්‍රීඩාවෙන් තැබුවේ නම්; ඒ අවිවාදයෙන් ම කෙටි දුර ධාවන ශූරී සුසන්තිකා ජයසිංහ දිනූ ඔලිම්පික් පදක්කමයි.

ඇය 2000 වර්ෂයේ දී ඔස්ට්‍රෙලියාවේ සිඩ්නි නුවර දී පැවති ඔලිම්පික් තරගාවලියේ දී කෙටි දුර ධාවන තරගයෙන් රිදී පදක්කමක් දිනා ගැනීමට සමත් වුණා.

ඇය මීට මාස දෙකකට පමණ පෙර ශ්‍රී ලංකාව අතහැර ස්ථිර පදිංචිය සඳහා ඔස්ට්‍රෙලියාව වෙත පවුල සමගින් ම සංක්‍රමණය වී ඇති බවයි ආරංචි මාර්ග සඳහන් කළේ.

මෙරට මලල ක්‍රීඩාවේ සිටි පුහුණු උපදේශිකාවක් ලෙසට ද කටයුතු කළ සුසන්තිකා ජයසිංහ මහත්මිය සිය දරුවන් දෙදෙනාගේ අධ්‍යාපනික කටයුතු වෙනුවෙන් රට අතහැර යාමට තීරණය කළ බවත් වාර්තා වනවා.

ඇයට ඔස්ට්‍රෙලියාවේ පුරවැසිභාවය හිමි ව ඇති අතර ඇය මේ වනවිට පදිංචි ව සිටින්නේ මෙල්බර්න් නුවරයි.

සුසන්තිකා ජයසිංහ ක්‍රීඩිකාවගේ සමකාලීන ක්‍රීඩිකා, ආසියානු පදක්කම්ලාභිනී සහ ඔලිම්පික් ක්‍රීඩිකා දමයන්ති දර්ශා ද වසර කිහිපයකට පෙර තම පවුල සමඟ ඔස්ට්‍රෙලියාවට සංක්‍රමණය වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
2
+1
0
+1
1
+1
6
+1
3
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන..දැකපු දෙස් විදෙස් අයත් මවිත වුණ දේ
01:33
Video thumbnail
Kasthirama | "යළි ගොඩනැගෙන්නට සවිය අවැසි හෙට දවස" - කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:25:26
Video thumbnail
මෙන්න කාළගුණයේ වෙන්න යන නොසිතූ වෙනස..අත්‍යවශ්‍ය වැඩවලට විතරක් එළියට යන්න
04:02


?