චීන තානාපති සහ කතානායකවරයා අතර හමුවක්

ශ්‍රී ලංකාවේ චීන තානාපති ෂිී ෂෙන්හොන්ග් සහ කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න අතර (01) සිදුවුණා.

පාර්ලිමේන්තු පරිශ්‍රයේ දී සිදු වූ මෙම හමුවට පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණධීර ද එක්ව සිටියා.

මෙම හමුවේදී චීන තානාපතිවරයා විසින් මහජන චීන සමූහාණ්ඩුවේ ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති ෂාඕ ලෙජිගේ (මහජන චීන සමූහාණ්ඩුවේ පාර්ලිමේන්තුවේ කථානායක) නව වසර සඳහා වන සුබ පැතුම් පණිවුඩය
කථානායකවරයා වෙත ලබා දුන්නා.

නව වසරට සුබ පැතුම් එක් කරමින් තානාපතිවරයා දෙරට අතර දිගුකාලීන සහයෝගීතාව පවත්වා ගැනීමේ වැදගත්කම මෙහිදී අවධාරණය කළා.

විශේෂයෙන්ම හුවමාරු වැඩසටහන් හරහා ඉදිරියේ දී දෙරටේ ව්‍යවස්ථාදායක අතර සබඳතා ශක්තිමත් කිරීම පිළිබඳව මෙහිදී අවධානය යොමු වුණා.

මෙහිදී අදහස් දක්වමින් කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න, පොළොන්නරුවේ චීන – ශ්‍රී ලංකා මිත්‍රත්ව ජාතික වෘක්කවේද විශේෂිත රෝහලේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා ලෙස තම අත්දැකීම් සිහිපත් කළ අතර ශ්‍රී ලංකාවේ ජනතාවට ඉහළ ප්‍රතිලාභ ලබා දී ඇති චීන සංවර්ධන ව්‍යාපෘති පිළිබඳව කෘතඥතාව පළ කළා.

දෙරටේ පාර්ලිමේන්තු අතර සබඳතා ශක්තිමත් කිරීම සඳහා දසවැනි පාර්ලිමේන්තුවේදී ශ්‍රී ලංකා – චීන පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය යළි ස්ථාපිත කිරීමට අපේක්ෂා කරන බව ද ඔහු සඳහන් කර සිටියා.

ජනාධිපතිවරයාගේ පළමු චීන නිල සංචාරය සඳහා පවතින සූදානම පිළිබඳව ද තානාපති ෂිී ෂෙන්හොන්ග් කරුණු දැක්වුණා.

මෙම ඓතිහාසික නිල සංචාරය, ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ඉහළ නැංවිමට වැදගත් වනු ඇති බව තානාපතිවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ බලවේගේ අනුරාධපුර දෙවනත් කරයි
00:32
Video thumbnail
පිපෙන නාමල බලන්න අනුරාධපුරට එන්න
02:09
Video thumbnail
අනුරාධපුරයට ලක්ෂ ගාණක සෙනඟක් එනතුරු බලා සිටින තරුණයා..
00:16
Video thumbnail
මේ හදන්නේ ඉන්ධන මිල වැඩි කරන්න - මිල වැඩි වීමෙන් අධික ලාභයක් ලබාගන්න යන්නේ
02:53
Video thumbnail
පොහොට්ටුවේ රැළියට ආපු මිනිස්සු කියන කතා
03:33
Video thumbnail
මිනිස්සු හූ කිය කිය බස්වලට නගියි - නාමල්ගේ රැළියට රාජාංගනයෙන් මහ සෙනඟක්
01:15
Video thumbnail
අපේ නාමල්ට ජයවේවා..! රැළියට එන ගමන් නාමල්ට ජය ඝෝෂා නගන මිනිස්සු
01:18
Video thumbnail
පොහොට්ටුවේ රැස්වීමට බස්වලින් මිනිස්සු අදින හැටි
00:53
Video thumbnail
මහින්ද මහත්තයා අද කෙළින් එන්නේ අනුරයා එන්නේ මෙහෙක් වෙලා - රතිඤ්ඤා දාලා මිනිස්සු කෑගහලා කිව්ව දේ
00:38
Video thumbnail
අපි බස් 5කින් ‍යන ගමන් අනුරාධපුරයට - පේනවනේ කට ක#පා..සෙල්ලම්ද බ්‍රෝ සෙනඟ
02:31