එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් තනතුරට තලතා

එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් ලෙස රත්නපුර දිස්ත්‍රික්‌ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි තලතා අතුකෝරාළ පත්කර තිබෙනවා.

එම පක්ෂයේ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මෙම නව පත් කිරීම සිදුකර තිබෙනවා.

එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් ලෙස මීට පෙර කටයුතු කරනු ලැබුවේ පාලිත රංගේ බණ්ඩාරයි.

මෙරට 09 වන පාර්ලිමේන්තුවට සමඟි ජන බලවේගයෙන් රත්නපුර දිස්ත්‍රික්කයෙන් තරග කර තෙරේ පත් වූ ඇය පසුගිය ජනාධිපතිවරණයට පෙර, එනම් 2024 අගෝස්තු 21 වනදා සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස් වුණා.

අනතුරුව තලතා අතුකෝරාළ සමඟි ජන බලවේගයෙන් ඉවත්ව ගෑස් සිලින්ඩරයෙන් පසුගිය ජනාධිපතිවරණයට තරග කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය පළ කිරීමට තීරණය කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?