බාල වයස්කාර පාසල් සිසුවෙකු අතින් දෙදරු පියෙකු මරුට

බාල වයස්කාර පාසල් සිසුවෙකු පැදවූ වෑන් රථයක සිය යතුරුපැදිය මුහුණට මුහුණ ගැටීමෙන් සිදු වූ රිය අනතුරකින් දෙදරු පියෙක් ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.

මෙම අවාසනාවන්ත සිදුවීම වාර්තා වන්නේ ඊයේ (01) පස්වරුවේ හලාවත – ඉරණවිල මාර්ගයේ මැදවත්ත ප්‍රදේශයෙන්.

බරපතළ තුවාල ලැබූ මරණකරු හලාවත රෝහලට කඩිනමින් ඇතුළත් කෙරුණ ද ඒ වනවිටත් ජීවිතක්ෂයට පත් ව ඇති බවයි පොලිසිය පැවසුවේ.

මෙලෙස මියගොස් ඇත්තේ මැදවත්ත ප්‍රදේශයේ පදිංචි ව සිටි 32 හැවිරිදි නුවන් සංජීව ප්‍රනාන්දු නමැත්තෙක්.

අනතුරට සම්බන්ධ වෑන් රථය පදවා ඇත්තේ වයස අවුරුදු 15ක් වන පාසල් සිසුවෙකු බව විමර්ශනවල දී හෙළි ව තිබෙනවා.

ඔහු හලාවත – මයික්කුලම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

සිද්ධිය සම්බන්ධයෙන් සැකකාර බාල වයස්කාර සිසුවා පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
2
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21