ශ්‍රී ලංකා පොලිසියේ යූටියුබ් චැනලය හැර සෙසු සමාජ මාධ්‍යවල බලය නැවතත් ලබා ගනියි

ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ ‘යූටියුබ්’ (youtube) චැනලය ඇතුළු නිල සමාජ මාධ්‍ය ගිණුම් කිහිපයක් සයිබර් ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධව පවතින අලුත්ම තත්ත්වය පිළිබඳව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ශ්‍රී ලංකා පොලීසියේ නිල facebook, TikTok, instagram, youtube සහ x යන ගිණුම් ඊයේ (30) පස්වරුවේ සිට සයිබර් ප්‍රහාරයකට ලක් වුණා.

නමුත් එම තත්ත්වයෙන් ගලවාගෙන මේ වනවිට නිල facebook, TikTok, instagram, x යන ගිණුම් නැවත ශ්‍රී ලංකා පොලීසියේ පාලනය යටතට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

පොලිස් youtube නාලිකාව මෙතෙක් ශ්‍රී ලංකා පොලීසියේ පාලනයට නතු වී නැහැ.

එය යථා තත්ත්වයට පත් කරගැනීම සඳහා තොරතුරු තාක්ෂණ කොට්ඨාසයේ නිලධාරීන් කටයුතු කරමින් සිටින බවයි වාර්තා වන්නේ.

මෙම සයිබර් ප්‍රහාරය සම්බන්ධයෙන් පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් විමර්ශනයක් ද ආරම්භ කරනු ලැබුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39