මියන්මාරයේ සරණාගතයින් නිරීක්ෂණයට ගිය මානව හිමිකම් කොමිසමට දොර වැසූ මුලතිව් ගුවන් හමුදා කඳවුර

මියන්මාරයේ සිට නීතිවිරෝධී ව වෙනත් රටකට මුහුදු මාර්ගයෙන් පලා යාමට උත්සාහ කරමින් සිටි සරණාගතයින් 100 දෙනෙකුට අධික සංඛ්‍යාවක් පසුගිය දා (23) මුලතිව් ගුවන් හමුදා කඳවුරේ රඳවා තබන ලෙසට අධිකරණයෙන් නියෝග කෙරුණු අතර එම සරණාගත පිරිස පිළිබඳ ව සොයා බැලීමට අද (27) පෙරවරුවේ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ පර්‍යේෂණ හා අධීක්ෂණ අංශයේ නිලධාරීන් කණ්ඩායමක් එම ප්‍රදේශයට ගොස් තිබුණා.

නමුත් මුලතිව් ගුවන් හමුදා පාලනාධිකාරිය පවසා ඇත්තේ; ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ කිසිදු අවසරයකින් තොරව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ නිලධාරීන්ට පරිශ්‍රයට ඇතුල් වීමේ අවසරයක් ලබා දිය නොහැකි බවයි.

විදෙස් රටකින් සරණාගතයින් පැමිණි ඕනෑම අවස්ථාවක දී ඔවුන්ගේ සෞඛ්‍ය පහසුකම්, ආහාරපාන අර්බුද සහ යටිතල පහසුකම් සම්බන්ධයෙන් විශේෂ සොයා බැලීමක් සිදු කිරීමට මානව හිමිකම් නීතිරීති යටතේ රටක මානව හිමිකම් කොමිෂන් සභාවකට පූර්ණ අයිතියක් ඇති පසුබිමක ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට අද දින සිදුවූයේ එසේ සරණාගත ව පැමිණි මියන්මාර වැසියන් ව නිරීක්ෂණය නොකර යළිත් පිටව ඒමටයි.

මෙම සිදුවීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ අභ්‍යන්තර ආරංචි මාර්ග පැවසුවේ අදාළ සිදුවීම සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් සහ සිදු වූ සිදුවීම පිළිබඳ ව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙතට ද ලිපියක් මාර්ගයෙන් දැනුම්වත් කිරීමට කටයුතු කර ඇති බවයි.

සරණාගතයින් නිරීක්ෂණයට යාමට හැකි නොවීමෙන් මානව හිමිකම් කොමිසමේ නිලධාරීන් කණ්ඩායම පැය 04කට අධික කාලයක් කඳවුර පරිශ්‍රයේ රැඳී සිට ඇති බවත් වාර්තා වනවා.

මියන්මාරයේ සිට නීතිවිරෝධීව වෙනත් රටකට මුහුදු මාර්ගයෙන් රැගෙන ගිය සරණාගතයින් 100 දෙනෙකුට අධික පිරිසක් රැගත් යාත්‍රාවක් මෙරට උතුරුකරයේ මුහුදු තීරයට දෙසැම්බර් මස 19 වැනි දින පස්වරුවේ පැමිණියා.

දින ගණනාවක් ආහාරපාන හා ඖෂධ හෝ කිසිවක් නොමැතිව මෙම පිරිස රැගත් යාත්‍රාව මුහුදේ තිබියදියි ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් බේරාගනු ලැබුවේ.

සරණාගතයින් රැගත් යාත්‍රාවේ සිටි පිරිස් බොහෝ සෙයින් දුර්වලව සිටි බැවින් එම පිරිසට අවශ්‍ය ආහාරපාන හා ඖෂධ ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් වෙල්ලමුල්ලිවෛක්කාල් වෙරළ තීරයේ දී ලබා දුන්නා.

සරණාගත යාත්‍රාවේ සිට පැමිණි පිරිස් අතර කුඩා ළමුන් 20කට ආසන්න පිරිසක් සහ ගර්භණී කාන්තාවන් දෙදෙනකු ද සිටින බවයි ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පැවසුවේ.

මිරිහාන රැඳවුම් මධ්‍යස්ථානයේ ඉඩකඩ සීමිත වීම හේතුවෙන් ඔවුන් ව අධිකරණ නියෝග ප්‍රකාර ව තාවකාලික රැඳවීම් සඳහා මුලතිව් ගුවන් හමුදා කඳවුර වෙතට ගෙන ගියා.

අදාළ යාත්‍රාවේ සිටි 115 දෙනාගෙන් 12 දෙනෙකු කාර්ය මණ්ඩලය, කාර්මික ශිල්පීන් හා ධීවරයින් පිරිස වූ අතර එම 12 දෙනා දින 14 ක කාලයක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ද ත්‍රිකුණාමලය අධිකරණය නියෝග කළා.

මුලතිව් ගුවන් හමුදා කඳවුර වෙතට රැගෙන ගිය පිරිස් අතර ළමුන් 45 දෙනෙකු, වැඩිහිටි පිරිමි 34 දෙනෙකු හා වැඩිහිටි කාන්තාවන් 24 දෙනෙකු ද සිට ඇති බවයි වාර්තා වන්නේ.

එම සරණාගතයින් මේ වනවිට මුහුණපා ඇති තත්ත්වය පිළිබඳ ව සොයා බැලීමටයි අද දිනයේ දී මෙලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ගිය අවස්ථාවේ දී ඊට මුලතිව් ගුවන් හමුදා කඳවුරෙන් අවසර හිමිව නැති බවට වාර්තා වන්නේ.

මෙවන් පසුබිමක් හමුවේ එම සරණාගතයින් පිරිසට මේ වනවිට ආධාර ලබාදීමට සිටින සිවිල් සහ ස්වේච්ඡා සංවිධානවලට හෝ ඊට අවස්ථාවක් නොමැති බවත් වාර්තා වනවා.

මෙම සිදුවීම සම්බන්ධයෙන් විමසීම සහ මානව හිමිකම් නීතියට පටහැනිව කටයුතු කිරීම පිළිබඳ ව විමසීමට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවෙන් එළඹෙන 31 වැනිදා පෙරවරු 10ට ශ්‍රී ලංකා ගුවන් හමුදාධිපති, මුලතිව් ගුවන් හමුදාවේ බලයලත් නිලධාරී හා ආගමන – විගමන පාලකවරයා ඇතුළු නිලධාරීන් පිරිසකට කොමිෂන් සභාව වෙත පැමිණෙන ලෙසටත් නියෝග කරමින් සිතාසි නිකුත් කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අවුරුදු 40 ක් වෙනතුරු ත්‍රීවීල් පදින්න බෑ.. රජය ගන්න අලුත්ම තීරණය ගන ඇමති නලින් හේවගේ හෙළිකරයි.
00:07
Video thumbnail
නාමල් ආණ්ඩුවට අනතුරු අගවයි - අවු: 2ක් සද්දෙ වහලා හිටියා..ජනපති යට ගහන්න හදනවා
05:39
Video thumbnail
අවසන් මොහොතේ තම වෛද්‍යවරයා වෙනුවෙන් පවා ගී ගැයූ නන්දා මාලනිය..
00:39
Video thumbnail
නුවර වැවට පැ#න කාන්තාවක් බේරාගත් මෙහෙයුම - මොනවා වෙලාද මේ මිනිස්සුන්ට ?
02:09
Video thumbnail
නුවර වැවට ජම්ප් එකක් දැම්ම තරුණියව බේරාගන්න දිවි පරදුවට තැබූ කොල්ලෝ ටිකට රෙස්පෙක්ට්..
02:25
Video thumbnail
යතුරුපැදියක් - ලොරියක වැදී 25ස් හැවිරිදී තරුණයා එතනම එළොව යයි - බයික් එකත් කුඩේ කුඩු
00:45
Video thumbnail
කාලගුණය උඩු යටිකුරු වන ලකුණු..ඉදිරියේදී වැසි වැඩිවෙයි - සුළං තත්ත්වයේ වැඩිවීමක්
03:40
Video thumbnail
පෙරහැරේ පිටුපසින් දුටු අපූරු දසුන... පෙරහැර මැද කැමරා ඇසක් වූ දියවඩන නිලමේ
00:10
Video thumbnail
ජොන්ස්ටන් ආණ්ඩුවට රිදෙන්නම දෙසයි..මෙයාලා පට්ටපල් බොරු කිව්වේ"මහින්ද ගත්ත චෙක් කෝ දැන් "
04:38
Video thumbnail
තව ටික දවසක් බලන් ඉමු, හන්දියක් හන්දියක් ගාණේ කියපු හොරු ටික අල්ලනකල්..
00:14