මන්මෝහන් සිංගේ අභාවය ගැන ජනපතිගෙන් ශෝක පණිවිඩයක්

ඉන්දියාවේ හිටපු අග්‍රාමාත්‍ය ආචාර්ය මන්මෝහන් සිං මහතාගේ අභාවය වෙනුවෙන් සිය ශෝකය පළ කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විශේෂ X පණිවිඩයක් තබා තිබෙනවා.

එම පණිවිඩය මෙසේය,

මම, මා වෙනුවෙන් සහ ශ්‍රී ලංකාවේ ජනතාව වෙනුවෙන්, ඉන්දීය ජනරජයට, ආචාර්ය මන්මෝහන් සිං මහතාගේ පවුලේ අයට සහ ලොව පුරා ඔහු පිළිබඳ භක්ත්‍යාදරයක් දක්වන අසංඛ්‍යාත සහෘද ජනතාවට මගේ බලවත් ශෝකය ප්‍රකාශ කරමි. දූරදර්ශී නායකයෙකු වූ ආචාර්ය මන්මෝහන් සිං මහතාගේ මඟපෙන්වීම ඉන්දියාවට පමණක් සීමා නොවීය. 2004 සිට 2014 දක්වා ඉන්දිය අග්‍රාමාත්‍යවරයා ලෙස ක්‍රියාත්මක කළ අධ්‍යාපන අයිතිය පිළිබඳ පනත සහ මහත්මා ගාන්ධි ජාතික ග්‍රාමීය රැකියා වැඩසටහන වැනි පරිවර්තනීය ප්‍රතිපත්ති තුළින් සමානාත්මතාව සහ මැදිහත්වීම සඳහා වන ඔහුගේ නොසැලෙන කැපවීම පිළිබිඹු වේ.

ජාත්‍යන්තර සහයෝගීතාව වෙනුවෙන් කැප වී කටයුතු කළ ආචාර්ය මන්මෝහන් සිං මහතා, දිගු කාලීන සහයෝගිතා සන්ධාන ආරම්භ කිරීමට සිය සහයෝගය දැක් වු අතර, BRICS වැනි සංවිධානයන් සඳහා ද සිය දායකත්වය සැපයීය. ඉන්දීය සහ එක්සත් ජනපද න්‍යෂ්ටික ගිවිසුම වැනි ගිවිසුම් හරහා ඔහුගේ කැපී පෙනෙන රාජ්‍ය තාන්ත්‍රිකභාවය විද්‍යමාන වේ. ඔහුගේ නිහතමානී බව, බුද්ධිය සහ රාජ්‍ය සේවය සඳහා කැපවීම අනාගත පරපුරට ද නිරන්තරයෙන් ආදර්ශයක් හා දිරිගැන්වීමක් වනු නිසැකය. එතුමාගේ ආත්මයට මෝක්ෂය අත් වේවා! ” යනුවෙන් එහි සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස්වලට නැගලා සද්දේ දාන සිඟිති පාතාලේ - මූණ කු#ඩුවෙන්න දෙන්නේ
01:55
Video thumbnail
රනිල් බුද්ධ ශාසන ඇමතිව අගය කරයි
04:54
Video thumbnail
රනිල් - මහින්ද - මෛත්‍රී - ගෝඨා එකට රැස්වෙයි
02:15
Video thumbnail
ශ්‍රී මහ බෝධියට ජන ගඟක් ගලාගෙන එයි
01:15
Video thumbnail
බෙල්ලන්විල රජමහ විහාරය සිල් සුවඳින් පිරී යයි
01:08
Video thumbnail
'ස්ට්‍රෙන්ත් ඇන්ඩ් හාමනි' සම්මානය දිනා හංසනා දිවයිනට
00:44
Video thumbnail
දෙල්ගොඩ කර්මාන්ත ශාලාවක ලොකු ගින්නක්
02:46
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37


?