විහිළුවක් ජීවිතයක් නැති කළ හැටි

උසුළු විසුළු කිරීමක් දුරදිග යාමෙන් මනුෂ්‍ය ඝාතනයක් සිදු ව තිබෙනවා.

මුන්දලම පොලිසිය පැවසුවේ ඊයේ (26)පස්වරුවේ මෙම ඝාතනය සිදු ව ඇත්තේ මංගලඑළිය ප්‍රදේශයේ පවත්වාගෙන යන්න ඉස්සන් ගොවිපොළක් තුළ බවයි.

ඝාතනයට ලක් ව ඇත්තේ යටියන්තොට – කඹුරුමුල්ල පදිංචිකරුවෙකු වන රාජේන්ද්‍ර ජයසේකර නම් 38 හැවිරිදි පුද්ගලයෙක්.

කැකිරාව – පලාගල පදිංචි 45 හැවිරිදි තැනැත්තෙකු සිද්ධිය සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු සහ මරණකරු යන දෙදෙනා ම ඉස්සන් ඇති කරන ගොවිපොළක සේවය කරමින් සිට ඇති බවත් දහවල් කාලයේ එක් ව මත්පැන් පානය කර ඇති බවත්; මියගොස් ඇති තැනැත්තා සිය මිතුරාට උසුළු විසුළු කිරීම මෙම ඝාතනයට හේතුව බවයි වාර්තා වන්නේ.

ඝාතනය සිදුවීමෙන් අනතුරුව සැකකරු විසින් ම මේ බව පොලිස් හදිසි ඇමතුම් අංශයට දැනුම්දීමට කටයුතු කර තිබෙනවා.

මුන්දල පොලිසිය සිද්ධිය වූ ස්ථානයට යන විට ද ඝාතකයා මෘතශරීරය අසල සිටි බවයි පැවසෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
2
+1
3
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58