හැටන් මාරක බස් අනතුරේ රියදුරු තවදුරටත් හිරගෙට

පසුගියදා හැටන් – මල්ලිඅප්පුව ප්‍රදේශයේ දී අධික වේගයෙන් ධාවනය වූ පෞද්ගලික බස් රථයක් අසල ප්‍රපාතයට පෙරළීමේ සිදුවීමට සම්බන්ධව අත් අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි එම බස් රථයේ රියදුරු ජනවාරි මස 07 තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කෙරුණා.

මෙම නියෝගය අද (26) දින හැටන් මහේස්ත්‍රාත් අධිකරණය විසිනුයි සිදු කරනු ලැබුවේ.

හැටන් මහෙස්ත්‍රාත් එම්.ෆරුක්ඩින් මහතා නියෝග කළේ; අනතුර සම්බන්ධයෙන් නුවරඑළිය දිස්ත්‍රික් ප්‍රධාන මෝටර් රථ පරික්ෂකවරයා සහ හැටන් පොලිසිය විසින් සිදු කරන ලද විමර්ශන සම්බන්ධයෙන් වන වාර්තා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව කළ සලකා බැලීමෙන් පසුවයි.

මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ නාවලපිටිය නව තිස්පනේ පදිංචි රම්බොඩගෙදර ප්‍රසන්න බණ්ඩාර නමැති 46 හැවිරිදි තිදරු පියෙක්.

ඉකුත් (21) දින හැටන් සිට මහනුවර දක්වා සැකකරු විසින් ධාවනය කරන ලද පෞද්ගලික බස්
රථයක් හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගයේ මල්ලිඅප්පුව ප්‍රදේශයෙන් මාර්ගයෙන් ඉවතට පැන තේ වත්තට පෙරලීමෙන් අනතුරක් සිදුවුණා.

එම අනතුරින් බස් රථයේ ගමන් ගත් මගීන් තිදෙනකු ජීවිතක්ෂයට පත් වූ අතර තවත් 59 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කෙරුණා.

රෝහල් ගත කළ තුවාලකරුවන්ගෙන් 15 දෙනෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා මහනුවර ශික්ෂණ රෝහලේ සහ නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහල වෙත මාරු කර යැවූ බවයි දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"දෙන්නෙක් ඇතුළේ..වහලේ ගිනිගන්නවා.." වැඩිහිටි නිවාසයක ඇතිවූ ගින්නේ නොදුටු දසුන් පෙළක්..
04:49
Video thumbnail
මිල්ලනිය වැඩිහිටි නිවාසය සම්පූර්ණයෙන් ගිනිබත් වෙයි..11ස් දෙනෙක් අතුරුදන් - 44ක් මුදා ගනී
01:54
Video thumbnail
ඔයාලට ඩීසල් ලීටරයක් ගන්න වෙන්නේ රු. 750ට ? - මේ ටැක්ස් එක තමයි අඩු කරලා තියෙන්නේ
03:08
Video thumbnail
වැඩිපුර තෙල් වැය වෙන්න හේතුව බාල ගල් අඟුරු නෙවෙයි..Night Peak එක ගන්න ඩීසල් පුච්චන්න වුණා
03:23
Video thumbnail
ඉන්ධන මිල වැඩිවීමට හේතු කියන CPC එක - ලෝක වෙළෙඳපොලේ මිල වැඩිවීමට සාපේක්ෂව අපේ මිල වැඩිවෙලා නෑ
08:01
Video thumbnail
සැවොම මවිත කරමින් ශබ්ද විකාශන යන්ත්‍රවලින් හමුවූ දේ
01:04
Video thumbnail
හිනාවකුත් දාගෙන අධිකරණයට ඇවිත් ගිය යෝෂිත
01:02
Video thumbnail
රංගගේ එළොව යෑම ගැන නඩු තීන්දුවට ආ SDIG මාධ්‍යයට කියපු දේ
01:04
Video thumbnail
"අනේ තාත්තා යනවා..අපි දෙන්නා දාලා යනවා"එකම තැන එළොව ගිය සහෝදරයින් දෙදෙනාගේ අවසන් කටයුතු සිදුවූ අයුරු
02:58
Video thumbnail
IMF විස්තීරණ ණය වැඩසටහනේ මුදල් මහා භාණ්ඩාගාරයට ලැබෙයි..ඕනෑම කම්පනයකදී අපිට මුහුණ දෙන්න පුළුවන්
04:40