දඩයම් කිරීමට තහනම් සත්ත්වයෙකු මැරූ තිදෙනෙකුට වැඩ වරදියි

නීතිවිරෝධී ලෙස ගෝන මස් විකිණීමට තැත් කළ පුද්ගලයින් තිදෙනකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන් අද (26) දහවල් අත් අඩංගුවට ගෙන ඇත්තේ වවුනියාව – ඕමන්ත, කොන්දකාරකුලම් රක්ෂිතයේ දියි.

සැකකරුවන් විසින් ගෝනෙකු ඝාතනය කර; මස් කර රැගෙන යමින් සිටියදී ගෝන මස් කිලෝග්‍රෑම් 60ක් සමග අත්අඩංගුවට ගැනුණා.

මෙම වැටලීම වවුනියාව – පුලියන්කුලම පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් සිදු කරනු ලැබුවා.

සැකකරුවන් විසින් දැඩි ආරක්ෂිත සත්ත්වයෙකු ලෙස නම්කර ඇති ගෝනා මද්දක් අටවා අල්ලාගෙන ඇති අතර එම මාංශ වවුනියාව ප්‍රදේශයේ හෝටල් වෙත අලෙවි කිරීමට සුදානම් ව සිටි බවයි ප්‍රකාශ කර ඇත්තේ.

මස් කිලෝවක් රුපියල් 1500ත් 2000 අතර මුදලකට අලෙවි කරන බවත් සිදු කරන ලද මූලික විමර්ශනවල දී හෙළි ව තිබෙනවා.

අත්අඩංගුවට ගත්  සැකකරුවන් වවුනියාව සහ ඔඩ්ඩුසුඩාන් ප්‍රදේශයේ පදිංචි අවුරුදු 22ත් 55 අතර වයසේ පසුවන්නන්.

සැකකරුවන් ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග සඳහා වවුනියාව වනජීවි කාර්යාලය වෙත භාරදීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
00:00
Video thumbnail
තවත් ප්‍රහාරයක් නුදුරු අනාගතයේ වෙනවා ?..ගම්මන්පිල අනතුරු අගවයි
04:00
Video thumbnail
ගාල්ල - තෙලිකඩ කම්පා කළ අපරාධය
01:24
Video thumbnail
මහා සිකුරාදා දවස කිතුනු බැතිමතුන්ට විශේෂ වන්නේ ඇයි ? පියතුමෙක් හෙළිකරයි
03:27
Video thumbnail
ජනපතිගේ ළඟම කෙනෙක් මට තොරතුරු දෙනවා..ගම්මන්පිලගෙන් ප්‍රබල හෙළිදරව්වක්
04:14
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07
Video thumbnail
වව්නියාවේ මාස ගණනාවක් පැවති නියඟය හමාර කරමින් අධික වර්ෂාව ඇඳ හැලෙයි
00:45
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15