පාකිස්තානයේ සිවිල් වැසියන්ට එරෙහි නඩු විභාග යුද අධිකරණයක සිදු වීම ගැන බ්‍රිතාන්‍යයේ කනස්සල්ල

සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ව ජාත්‍යන්තර සම්මුතිය (ICCPR) යටතේ සිය බැඳීම් තහවුරු කරන ලෙස බ්‍රිතාන්‍යය පාකිස්තාන රජයෙන් ඉල්ලා සිටිනවා.

මෙම ඉල්ලීම බ්‍රිතාන්‍යයේ මිලිටරි අධිකරණ පද්ධතිය තුළ සිවිල් වැසියන්ට එරෙහිව පැවැත්වෙන නඩු විභාග කිරීම පිළිබඳ ව යුරෝපා සංගමය ද මීට පෙර සිය කනස්සල්ල පළ කළා.

2023 මැයි 9 කැරැල්ලට සම්බන්ධ සිවිල් වැසියන් 25 දෙනෙකුට මෑතක දී දඬුවම් නියම කිරීමෙන් පසුව, පාකිස්තානයේ හමුදා උසාවිවල සිවිල් වැසියන් පිළිබඳ නඩු විභාගයේ විනිවිදභාවයක් නොමැති බවයි බ්‍රිතාන්‍යය පවසා ඇත්තේ.

බ්‍රිතාන්‍යයේ පොදුරාජ්‍ය මණ්ඩලීය සහ සංවර්ධන කාර්‍යාලයේ ප්‍රකාශකයෙකු නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ; “එක්සත් රාජධානිය තමන්ගේ ම නීතිමය ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් පකිස්තානයේ ස්වෛරීභාවයට ගරු කරන අතරම, සිවිල් වැසියන් හමුදා උසාවිවල විභාග කිරීම විනිවිදභාවයකින්, ස්වාධීන පරීක්ෂණයකින් තොර ව සිදු වන බවත් එය සාධාරණ නඩු විභාගයකට ඇති අයිතිය අඩපණ කරයි..” යනුවෙන්.

ICCPR හි 14 වැනි වගන්තිය යටතේ, සෑම පුද්ගලයෙකුටම ස්වාධීන, අපක්ෂපාතී සහ නිසි අධිකරණයක සාධාරණ සහ පොදු නඩු විභාගයකට හිමිකම් ඇති බවත්, ඵලදායී නීතිමය නියෝජනයක් සඳහා අයිතිය ඇති බවත් EU ප්‍රකාශකයෙක් නැවත අවධාරණය කර තිබුණු පසුබිමකයි බ්‍රිතාන්‍යය ද මෙම ප්‍රකාශය නිකුත් කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉන්ධන මිල වැඩි කිරීමට හේතුව ප්‍රසන්න හෙළිකරයි - තෙරපුම අඩු කර ගන්න කරපු වැඩි කිරීමක්
02:55
Video thumbnail
තල්පේ මුහුදේ අතුරුදහන් වූ 17ත් හැවිරිදි තරුණයාගේ සිරුර හමුවෙයි
00:51
Video thumbnail
අනිවාර්යෙන් තෙල් මිල වැඩි කරනවා..හර්ෂද සිල්වා හෙළිකරයි - හර්ෂ ආණ්ඩුවට අමතනකොට ජනපතිත් එතනින් යයි
03:43
Video thumbnail
දේදුන්නක් දැකලා ලි#ගික නැමියාවක් එනවා කියලා මහා කැම්පේන් කළානේ..ලැබෙන ලි#ගික අධ්‍යාපනය ප්‍රමාණවත් නෑ
06:21
Video thumbnail
හැකර් කොල්ලකෑව වාර්තාව පෞද්ගලික පරිශීලනයට ලැබුණ නිසා හර්ෂට යකා නගියි.."මේකට මට වග කියන්න බැහැ"
08:57
Video thumbnail
ළමයින්ට කැත වැඩ කළ හිමිවරුන් 300කට ආසන්න පිරිසක් ගැන හෙළිවෙලා..ඇයි මන්දගාමි ?
05:43
Video thumbnail
ථූපාරාමයේ, රන්කොත් වෙහෙරේ පින් කැට පොහොය දින රාත්‍රියේ සොරුන් කඩාගෙන ගිහින්
03:12
Video thumbnail
සංගීත් විජේසූරිය කළු සල්ලි සුදු කරන්න හදලා තියෙන්නේ
02:48
Video thumbnail
අනේ අපිව දාලා ගියානේ අපේ දෙයියෝ
01:33
Video thumbnail
වැලිගම දී සෙල්ලම් දාපු යතුරුපැදි රැසක් කොටුවෙයි
02:03