හිමාලි අරුණාතිලකගෙන් රජයක් විදියට සමාව ඉල්ලනවා – ඇමති විජිත

දූෂණ චෝදනා එල්ල වූ ඔස්ට්‍රෙලියානු මහ කොමසාරිස් කාර්‍යාලයේ හිටපු නියෝජ්‍ය මහ කොමසාරිස්වරියක් ලෙස සේවය කළ හිමාලි අරුණාතිලක මහත්මිය සම්බන්ධයෙන් එල්ල වන චෝදනා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව අමාත්‍ය විජිත හේරත් මහතා පවසනවා.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ; රජයේ ප්‍රවෘත්ති දෙපාර්තුමේන්තුවේ අද (20) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

සේවිකාවකට වැටුප් ගෙවීම සම්බන්ධයෙන් ඇය කිසිදු වංචාවක් සිදුකර නොමැති බවයි අමාත්‍යවරයා පැවසුවේ.

හිමාලි අරුණාතිලක මහත්මිය මේ වනවිට ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ ශ්‍රී ලංකාවේ නිත්‍ය නියෝජිතවරිය ලෙස කටයුතු කරන අතර ඇය රට වෙනුවෙන් අදටත් සේවය කරමින් සිටින බව ද අමාත්‍ය විජිත හේරත් මහතා පැවසුවා.

ඇය ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලයේ නියෝජ්‍ය මහ කොමසාරිස්වරියක් ලෙස සේවය කරමින් සිටිය දී මෙරට සේවිකාවකට නිසි ලෙස වැටුප් නොගෙවීම සම්බන්ධයෙන් ඇයට එරෙහිව ඔස්ට්‍රේලියාවේ ෆෙඩරල් අධිකරණයේ දී ඩොලර් ලක්ෂයකට අධික දඩයක් නියම කෙරුණා.

ඒ සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙක් අසන ලද පැනයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ, ඇය කිසිදු පෞද්ගලික වංචාවක් සිදුකර නොමැති අතර රාජ්‍ය තාන්ත්‍රික පුද්ගලයින් සඳහා සේවයේ නිරත අයට වැටුප් ගෙවනු ලබන්නේ ලංකා ආණ්ඩුවෙන් බවයි.

එම නිසා හිමාලි අරුණාතිලක මහත්මිය මුහුණදුන් අපහසුතාව පිළිබඳ රජයක් ලෙස තමා කනගාටු වන බව ද මෙම ගැටලුව ලංකාවේ වැටුප් තල අඩු මට්ටමේ පැවතීම හේතුවෙන් පැන නැගී ඇති තත්ත්වයක් වන බවත් ඒ සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යාංශය හා රජය ඉදිරියේ දී ප්‍රතිපත්තිමය තීන්දුවක් ගන්නා බව අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියා.

  1. වැටුප් පිළිබඳව අමාත්‍යතුමාගේ ප්‍රතිචාරය නිවැරදි යැයි දැනට උපකල්පනය කරමු. එහෙත් ගෘහසේවිකාවගෙන් දිනකට පැය දාහතරක් වැඩ ගත් බවද ඇයට හිමි නිවාඩු ලබා නොදුන් බවද වාර්තා වෙයි. ඒ පිළිබඳවද එතුමාගේ මතය පැහැදිලි කළ යුතුය. එමෙන්ම මෙවැනි කරුණක් පිළිබඳව රජයක් ලෙස සමාව ඉල්ලීමට ප්‍රථම මේ පිළිබඳව තවදුරටත් සොයා බැලිය යුතුව තිබුණු බව හැඟෙයි

    • ආය හැගෙන්න දෙයක් තියනවද බන් කම්කරු පංතිය නියෝජනය කරන්න කියලා පක්ෂ අටවන් ඇවිල්ලා කරන්නේ සම්පූර්ණයෙන්ම ඒකට ප්‍රතිවිරුද්ධ එක කරන්නේ රදල පංතිය වෙනුවෙන් කඩේ යන එක

    • දෙපැත්තක් තියෙනව. මේ නඩුව විභාග වෙන්නෙ මේ රටේ වැටුප් හා මේ රටේ නීති වලට අනුකූලව. ගෙදරක නැවතිලා ඉන්න කෙනෙක් නම් වැටුපට අමතරව කෑම බීම නවාතැන් ලැබෙනව. සමාන්‍යයෙන් ලංකාවෙ උදේ 6- රෑ අට වෙනකල් වැඩ කරනව. ඒක හැබැයි මෙහේ නීතියට අනූව නීත්‍යානුකූල නෑ. අනික ගෙව්ව වැටුප ලංකාවෙ රජයෙන් තීරනය කරපු එකක් නම් මේ වෙනකොට රජය ඒකට මැදිහත් වෙන්න එපැයි..කොහොමත් ලංකාවෙ වැටුප් හා මෙහේ වැටුප් සන්සන්දනය කරන්න බෑ ගොඩක් වෙනස්. අනික මේ නඩුවෙදි එයා කියල තියෙනව එයාට යන්න දුන්නෙත් නෑ පාස්පෝට් ඔක්කොම අරගෙන තිබුනෙ කියල.

  2. ඔය විධියටම රනිල්ගෙන්, කෙහෙලියගෙන්, මහින්දගෙන්, බැසිල්ගෙන් රජයක් විධියට සමාව ගත්තොත් හුටා!!!!!!

  3. $100000 Srilanka Rs.20000000 /=(ලක්ෂ200 ක්)
    1) පලමුකොට සැලකියයුත්තේ එම සෙවිකාවට මෙවැනි රටකට පැමිණිමට
    ලැබිම .වසක් විසක් නැතිව ආහාරය තමන්ට.ලැබිම.සියළුම වැඩකටයුතු සදහා යන්ත්‍ර සුත්තර පහසුකමි(ලංකාවෙ වගේ අතින් රෙදි සොදනවාද නැත.)
    ලංකාවෙ ගෙදරක සෙවය කරානමි
    ලැබෙන පඩිය . වැඩ කොටස. හිතන්නේ
    නැතිව. කාගේ හරි කිමකට කරන ලද
    පැමිණිල්ල මක දැනට කරඇති වැරුද්ද
    ඒ සෙවිකාවට ජිවිතය තියනතාක්
    පඩිසන් දෙවි.
    නිලදාරිිවරිය දෙයියෝ රැක දෙවි.

  4. මෝඩ කතා! ඕස්ට්‍රේලියාවේ වැඩ කරන විට ලංකාවේ නීති බලපාන්නේ නෑ! සේවිකාව ලංකාවේ විදේශ සේවාවට අයත් අයෙක් නොවෙයි. ඇය ඕස්ට්‍රේලියාවෙ සේවිකාවක්!

  5. අධිකරණයකින් දඩුවම් කලාට පස්සෙ එයා වැරදි කර නැති බව ඇමති කියන්නෙ කොහොමද? අහක යන කුණු ගොඩවල් වලට කර නොගහ වැඩක් බලාගන්න ඇමති තුමා. එයා ඕන නම් ඇපීල් කරයි. රජයේ මුදලින් ගෙවන්න සුදානම් වෙන්න එපා.

  6. එතකොටඅධිකරණයක් ඕක නොදැනද දඩ නියම කරන්නෙ? ඒක වෙන්න බෑනෙ…අධිකරණ තීන්දුවක් තියෙන එකක් ගැන මේ ප්රකාශයේ තියෙන්නෙ.ඒකයි ගැටලුව

  7. ෆෙඩරල් අධිකරණයෙන් දඩ නියම කලේ වැරැද්දක් වෙලා තියෙන නිසා. ඒ පිළිබද රජය මෙයාගෙන් සමාව ඉල්ලන්නේඇයි. ඊට කලින් බොරු චෝදනා කලාට රනිල් වික්‍රමසිංහගෙන් සමාව ඉල්ලන්න.

  8. මේක හතර බීරි කතාවක්. හිමාලි මහත්මිය නිවැරදිනම් මොන බම්බුවකටද ඔස්ට්‍රේලියානු රජය ඩොලර් ලක්ෂයකට අධික දඩයක් පැනෙව්වෙ? එයා වැරෑද්දක් කරල ඇති. නෑතිනම් මෙහේ වගේ ආවට ගියාට නඩු දාන්නෙ නැහැනෙ.

  9. විජිත හේරත් ඇයි මෙතරම් ඉක්මන් වුනේ රජයක් හැටියට සමාව ගන්න. මෙහේ නඩු වක් ඇහුවෙ නැහැනෙ. අර කිව්වත් වගේ තව ටික දවසක් යන කොට මේ ආණ්ඩුව හිටපු ජනාධිපති වරුන්ගෙනුත් සමාව ගනීද දන්නෑ.

  10. විජිත හේරත්ට කියන්න වෙන්නෙ හිමාලිට ලංකා රජයෙන් වන්දි එහෙම ගෙවන්න නම් ලැහැස්තිවෙන්න එපා. අර හරවල යවපු අසූච් නැව්වලට ගෙව්ව වගේ. අධිකරන ක්‍රියා මාර්ගයක් නෙ අරන් තියෙන්නෙ. හිමාලි එහේ අධිකරනයට ඇපෑලක් ඉදිරිපත් කලයුතුයි. මේක එයාකරපු පුද්ගලික වරදක්. විජිත යන්න ඔන නැහැ සුදූහුණු ගාන්න. විජිත එතන ගිහින් බලාගෙන සිටියායැ හිමාලි වැරදිද නැද්ද කියල.

  11. lankave vatupa australiyavedi valangu nove ema ratavala anumatha vatupa geviya yuthuya rajayen dena mudala madi nam himalige vatupen ema mudala gevanna thibuna ohelath kade yanava jathayanthara neethi gana danne nathiva meya vitharada rate tahnathuru denna inne



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39