ප්‍රදේශ කිහිපයක ගිනි ගැනීම්

හෝමාගම තලගල ප්‍රෙද්ශයේ පිහිටි ගෘහ භාණ්ඩ සහ විදුලි උපකරණ අලෙවිසැලක ඊයේ (01) රාත්‍රියේ ගින්නක් හටගෙන තිබේ.

ගින්නෙන් එම දෙමහල් ගොඩනැගිල්ල සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බව අප වාර්තාකරු සඳහන් කළේය.

හොරණ නගර සභා ගිනි නිවීමේ ඒකකය ගින්න නිවීමට උත්සහ කළ ද එය අසාර්ථක වී තිබේ.

ගින්නට හේතුව මෙතෙක් හෙළි වී නොමැති අතර මොරගහහේන පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබයි.

මේ අතර, මොරගහහේන, කිරිවත්තුඩුව ප්‍රදේශයේ පිහිටි තෙමහල් ගොඩනැඟිල්ලක හදිසි ගින්නක් හට ගෙන ඇති බව පොලීස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරයි.

පොලීසිය, හොරණ හා කළුතර ගිනි නිවීමේ ඒකක ගෙන්වා ගින්න මැඩපවත්වා ඇත.

ගින්නෙන් පුද්ගල හානි කිසිවක් වාර්තා වී නොමැති අතර, දේපල හානි පමණක් සිදුව තිබේ.

මේ අතර රක්වාන නගරයේ කඩසාප්පු කිහිපයක ගින්නක් ඇති වී තෑගි භාණ්ඩ හා රෙදි කඩසාප්පු 4කට පමණ හානි සිදුව ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරයි.

පුද්ගල හානි කිසිවක් නොමැති අතර රක්වාන පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?