ප්‍රදේශ කිහිපයක ගිනි ගැනීම්

හෝමාගම තලගල ප්‍රෙද්ශයේ පිහිටි ගෘහ භාණ්ඩ සහ විදුලි උපකරණ අලෙවිසැලක ඊයේ (01) රාත්‍රියේ ගින්නක් හටගෙන තිබේ.

ගින්නෙන් එම දෙමහල් ගොඩනැගිල්ල සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බව අප වාර්තාකරු සඳහන් කළේය.

හොරණ නගර සභා ගිනි නිවීමේ ඒකකය ගින්න නිවීමට උත්සහ කළ ද එය අසාර්ථක වී තිබේ.

ගින්නට හේතුව මෙතෙක් හෙළි වී නොමැති අතර මොරගහහේන පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබයි.

මේ අතර, මොරගහහේන, කිරිවත්තුඩුව ප්‍රදේශයේ පිහිටි තෙමහල් ගොඩනැඟිල්ලක හදිසි ගින්නක් හට ගෙන ඇති බව පොලීස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරයි.

පොලීසිය, හොරණ හා කළුතර ගිනි නිවීමේ ඒකක ගෙන්වා ගින්න මැඩපවත්වා ඇත.

ගින්නෙන් පුද්ගල හානි කිසිවක් වාර්තා වී නොමැති අතර, දේපල හානි පමණක් සිදුව තිබේ.

මේ අතර රක්වාන නගරයේ කඩසාප්පු කිහිපයක ගින්නක් ඇති වී තෑගි භාණ්ඩ හා රෙදි කඩසාප්පු 4කට පමණ හානි සිදුව ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරයි.

පුද්ගල හානි කිසිවක් නොමැති අතර රක්වාන පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09