මනුෂ්‍ය ඝාතනයක් කිරීම සහ තැත් කිරීමේ චෝදනා මත සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට

දෙසැම්බර් මස 14 වැනි දින පෙරවරුවේ මීගොඩ පොලිස් වසමේ දී මෝටර් රථයක ගමන් කරමින් සිටි පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ චෝදනාවට අදාළ ඝාතකයා සහ ඊට අනුබල දුන් තවත් අයෙක් පොලිස් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සැකකරුවන් ඊයේ (19) අත් අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්‍යාලය නිවේදනය කළේ.

මීගොඩ පොලිසිය සහ බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසය එක් ව සිදු කළ දීර්ඝ විමර්ශනවලින් අනතුරුව සැකකරුවන් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සැකකරුවන් දෙදෙනාගෙන් එක් අයෙක් ඝාතනය සිදු කළ වෙඩික්කරු බවට හඳුනාගෙන තිබෙනවා.

සැකකරුවන් වයස අවුරුදු 27 හා 29 යන වයස්වල පසුවන්නන්.

ඝාතනයට යොදා ගත් T56 ගිනි අවියක් සහ ජීව පතොරම් 26ක් වළ දමා තිබියදී සොයා ගැනුණු අතර ඔවුන් අද (20) මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

මේ අතර දෙසැම්බර් මස 14 වැනි දින මාලිගාකන්ද අධිකරණය ඉදිරිපිට දී කාන්තාවකට වෙඩි තබා ඝාතනය කිරීමට තැත් කිරීමේ චෝදනා මත සැකකරුවන් දෙදෙනකු අත් අඩංගුවට ගෙන තිබෙනවා.

මරදාන පොලිසිය සහ කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන අංශය එක් ව සිදු කළ විමර්ශනවලින් අනතුරුවයි වයස අවුරුදු 21 -24ත් වියෙහි පසුවන සැකකරුවන් දෙදෙනකු අත් අඩංගුවට ගැනුණේ.

එහිදී ඔවුන් වෙඩි තැබීමට ආ යතුරුපැදිය ද සොයාගැනුණා.

මෙම සැකකරුවන් දෙදෙනා ද මනුෂ්‍ය ඝාතනයකට තැත් කිරීම සහ ඊට අනුබල සැපයීමේ චෝදනා මත අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39