මනුෂ්‍ය ඝාතනයක් කිරීම සහ තැත් කිරීමේ චෝදනා මත සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට

දෙසැම්බර් මස 14 වැනි දින පෙරවරුවේ මීගොඩ පොලිස් වසමේ දී මෝටර් රථයක ගමන් කරමින් සිටි පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ චෝදනාවට අදාළ ඝාතකයා සහ ඊට අනුබල දුන් තවත් අයෙක් පොලිස් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සැකකරුවන් ඊයේ (19) අත් අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්‍යාලය නිවේදනය කළේ.

මීගොඩ පොලිසිය සහ බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසය එක් ව සිදු කළ දීර්ඝ විමර්ශනවලින් අනතුරුව සැකකරුවන් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සැකකරුවන් දෙදෙනාගෙන් එක් අයෙක් ඝාතනය සිදු කළ වෙඩික්කරු බවට හඳුනාගෙන තිබෙනවා.

සැකකරුවන් වයස අවුරුදු 27 හා 29 යන වයස්වල පසුවන්නන්.

ඝාතනයට යොදා ගත් T56 ගිනි අවියක් සහ ජීව පතොරම් 26ක් වළ දමා තිබියදී සොයා ගැනුණු අතර ඔවුන් අද (20) මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

මේ අතර දෙසැම්බර් මස 14 වැනි දින මාලිගාකන්ද අධිකරණය ඉදිරිපිට දී කාන්තාවකට වෙඩි තබා ඝාතනය කිරීමට තැත් කිරීමේ චෝදනා මත සැකකරුවන් දෙදෙනකු අත් අඩංගුවට ගෙන තිබෙනවා.

මරදාන පොලිසිය සහ කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන අංශය එක් ව සිදු කළ විමර්ශනවලින් අනතුරුවයි වයස අවුරුදු 21 -24ත් වියෙහි පසුවන සැකකරුවන් දෙදෙනකු අත් අඩංගුවට ගැනුණේ.

එහිදී ඔවුන් වෙඩි තැබීමට ආ යතුරුපැදිය ද සොයාගැනුණා.

මෙම සැකකරුවන් දෙදෙනා ද මනුෂ්‍ය ඝාතනයකට තැත් කිරීම සහ ඊට අනුබල සැපයීමේ චෝදනා මත අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගමක් හෙල්ලෙන්න ගහපු උණ වෙඩි - මේක නම් බලන්නම ඕන වීඩියෝ එකක්
05:07
Video thumbnail
හයි වේ එකේ දැන් තත්ත්වය මෙන්න - මීට කළින් මෙහෙම ට්‍රැෆික් එකක් දැකලා තියෙනවද ?
04:22
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ ලොකු අනතුරක් - මෙන්න දැන් ලැබුණු සජීවී දර්ශන සියල්ල
00:58
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ ලොකු අනතුරක් - මෙන්න දැන් ලැබුණු සජීවී දර්ශන සියල්ල
03:58
Video thumbnail
බයික් එක ඉස්සුවද ? මෙන්න බඩු පොලිසියේ
02:34
Video thumbnail
සුද්දෝ සුද්දියෝ අවුරුදු සමරපු හැටි - ඇස් බැඳලා කිරි කාපු විදිහ තමයි මරු
03:58
Video thumbnail
ගමෙන් ආපු මිනිස්සු නැත්නම් කොළඹත් ගම වගේ
07:23
Video thumbnail
දළඳා හාමුදුරුවෝ ඉස්සරහා පිරිත් හඬ මැද්දේ කිරි උතුරා ගිය හැටි
03:23
Video thumbnail
පාරේ සිමෙන්ති බාපු අයියට පොලිසිය කියලා දීපු පාඩම
06:11
Video thumbnail
සජිත්ට ඇයි මේ අවුරුදු කටේ තරහා ගිහිං
13:08

?