දික්වැල්ලේදී සහ දිගනදී පොලිසියට පහරදුන් පස්දෙනෙකු අත්අඩංගුවට

දික්වැල්ල – නිල්වැල්ල ප්‍රදේශයේදී මත්ද්‍රව්‍ය වැටලීමකට ගිය පොලිස් නිලධාරීන් කණ්ඩායමකට පහරදීමේ සිද්ධියට කාන්තාවන් තුන්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

නිල්වැල්ල – බටුවත්ත ප්‍රදේශයේ හෙරොයින් ජාවාරමක් සම්බන්ධයෙන් ලද තොරතුරකට අනුවයි දික්වැල්ල පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක් පෙරේදා අදාළ ප්‍රදේශයට ගොස් ඇත්තේ.

එහිදී හෙරොයින් ග්‍රෑම් 3ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, සැකකරුගේ බිරිඳ ඇතුලු පිරිසක් ඊට විරෝධය පළ කරමින් කළහකාරී ලෙස හැසිරී තිබෙනවා.

එම අවස්ථාවේදියි ඔවුන් විසින් පොලිස් නිලධාරීන්ට ගල්මුල් වලින් පහරදී ඇති බවයි වාර්තා වන්නේ.

පහරදීමෙන් එක් පොලිස් නිලධාරියෙකුගේ අතකට තුවාල සිදුව ඇති අතර ඔහු මාතර රෝහලේ ප්‍රතිකාර ලබනවා.

කෙසේ වෙතත් සිද්ධියට අදාළව තවත් සැකකරුවන් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගැනීමට නියමිතව ඇති අතර, ඔවුන්  ප්‍රදේශය අතහැර පලාගොස් ඇති බවටයි වාර්තාවන්නේ.

මේ අතර දිගන – කුඹුක්කඳුර ප්‍රදේශයේදී මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබූ වෑන් රථයක් පරීක්ෂා කරන අවස්ථාවේදී තෙල්දෙණිය පොලිසියේ නිලධාරීන්ට පෙට්‍රල් බෝම්බයක් සහ ගල් ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. ඒ ඔවුන් තෙල්දෙණිය වැඩබලන මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?