ගෑස් , විදුලිය නොමැතිකමෙන් පාකිස්තානය හා බලුකිස්තාන වැසියන් උග්‍ර පීඩනයක

පාකිස්තානය තුළ හටගෙන ඇති දැඩි ආර්ථික අර්බුදය හමුවේ මේ වනවිට (18) ජනතාවට අත්‍යවශ්‍ය සේවා සහ භාණ්ඩවල හිඟතාවක් නිර්මාණය වී තිබෙනවා.

මේ හේතුවෙන් පාකිස්තාන රාජ්‍යයට සමගාමී රාජ්‍යයක් වන බලුකිස්තානයට එල්ල වී ඇත්තේ දැඩි ආර්ථික ව්‍යසනයක්.

ගෑස් හිඟ වීම, විදුලිය දෛනික ව ඇනහිටීම මධ්‍යයේ බලුකිස්තානයට ශීත දේශගුණික තත්ත්වයක් හමුවේ මුහුණදීමට සිදු ව ඇත්තේ පීඩාකාරී ජීවිතයක් බවයි වාර්තා වන්නේ.

ශීත සෘතුව ආරම්භ වී ඇති අතර බලුකිස්තානයේ වැසියන් ගෑස් හෝ විදුලිය නොමැති ව අසහනකාරී තත්ත්වයකට ඇද වැටී තිබෙනවා.

මේ හේතුවෙන් පාකිස්තානය සේ ම බලුකිස්තානයේ නගර බොහොමයක් කේන්ද්‍ර කරගනිමින් විරෝධතා පැන නැගී ඇති බවයි වාර්තා වන්නේ.

පාකිස්තානයේ ද හයිද්‍රාබාද් හි දැඩි ගෑස් හිඟයක් පවතින බව එක්ස්ප්‍රස් ට්‍රිබියුන් පුවත් වෙබ් අඩවිය වාර්තා කරනවා.

ගෘහනියන් මේ හේතුවෙන් දැඩි කලකිරීමකට ලක් ව ඇති බවයි පැවසෙන්නේ.

මෙම තත්ත්වය හමුවේ ජනතාවගේ විරෝධතාවලට පවා බලධාරීන් ඇහුම්කන් නොදී පොරොන්දු පමණක් යළි යළිත් ලබාදෙන තත්ත්වයක් උදා වී ඇති බවත් වාර්තා වනවා.

ලතිෆබාද් සහ කාසිමාබාද් වැනි ජනාකීර්ණ ප්‍රදේශවල රාත්‍රී 9 සිට උදෑසන 6 දක්වා ගෑස් සැපයුම අත්හිටුවන බවයි එක්ස්ප්‍රස් ට්‍රිබියුන් වාර්තා කරන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රාජාංගන සහ අංගමුව ජලාශවල වාන් දොරටු විවෘත කරයි
01:13
Video thumbnail
කිරිඳිඔය සහ නිල්වලා ගඟේ ජල මට්ටම ඉහළට - අවට මිනිස්සු ප්‍රවේශම් වන්න
01:29
Video thumbnail
Praharaya | 5වන විධායක ජනාධිපති නිල මාධ්‍ය ප්‍රකාශක, නීතිඥ මනෝජ් ගමගේ සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:23:51
Video thumbnail
රට පුරා ඇදහැලෙන වැස්ස ගැන ජනතාවට අනතුරු අඟවයි
05:09
Video thumbnail
බොරැල්ල මහ පාරට විශාල දැන්වීම් පුවරුවක් කඩා වැටෙයි
00:58
Video thumbnail
කෝටි 4ක කුෂ් සමඟ ඉන්දීය ව්‍යාපාරිකයෙක් ගුවන්තොටේ දී කොටුවෙයි
00:40
Video thumbnail
බය කරලා රට පාලනය කරන්න දෙන්නේ නෑ - නාමල් අනතුරු අඟවයි
04:37
Video thumbnail
විපක්ෂ නායක විදියට ඉස්මතුවෙන්නේ දැන් නාමල්..සජිත් ඇත්තටම දුර්වලයි..දියාරු ප්‍රතිපත්ති
02:33
Video thumbnail
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ගැන මනෝජ් කිව්ව සැර කතාව..දේශපාලකෝ කියන ඒවා ගැන කවර කතාද ?
02:29
Video thumbnail
තමන්ගේ ඔඩොක්කුවේ ඉන්න අයට ඉස්සෙල්ලා හරියට නීතිය ක්‍රියාත්මක කරන්න
02:01