සෞඛ්‍ය අමාත්‍යංශයෙන් නව මාර්ගෝපදේශ මාලාවක්

පවතින කොරෝනා ව්‍යාප්තිය සැළකිල්ලට ගනිමින් සෞඛ්‍ය අමාත්‍යාංශය අද නව මාර්ගෝපදේශන මාලාවක් නිකුත් කරනු ලැබුවා.

ඒ අනුව සිනමාශාලා, ළමා උද්‍යාන, පිහිනුම් තටාක, කැසිනෝ, ඔට්ටු මධ්‍යස්ථාන වසාදැමිය යුතුයි.  

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන විසින් නව මාර්ගෝපදේශන මාලාව නිකුත් කර ඇති අතර, දිවා සුරැකුම් මධ්‍යස්ථාන, පෙර පාසල්, පාසල්, උපකාරක පන්ති, විශ්වවිද්‍යාල ඇතුලු උසස් අධ්‍යාපන ආයතනද වසා දැමිය යුතු වනවා.

සුපිරි වෙළඳසැල් සහ සාප්පු සංකීර්ණවල ඉඩ ප්‍රමාණයෙන් සියයට 25 ක ඉඩ ප්‍රමාණයක් පිරෙන ආකාරයට ගණුදෙනුකරුවන් ඇතුළත් කරගත යුතුයි.

එසේම ඇවිදීමට හැකි වර්ග මීටර 1.5 ක් පුද්ගලයෙකුට ප්‍රමාණවත් යැයි සැළකිය යුතු වනවා.

එමෙන්ම, කොරෝනා ආසාදිත නොවන මරණයක් රෝහලකින් ඥාතීන්ට භාර දී හෝ හදිසි මරණ පරීක්ෂණය සිදුකිරීමෙන් අනතුරුව පැය 24ක් තුළ අවසන් කටයුතු සිදුකළ යුතු බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළේ.  ඒ සඳහා සහභාගි විය හැකි උපරිම පුද්ගලයින්ගේ සංඛ්‍යාව 25ක් පමණයි.

රැස්වීම්, සම්මන්ත්‍රණ ආදිය පැවැත්වීමට ලබන 20 වන දා දක්වා අවසර හිමි වන්නේ නැහැ.

බැංකු, මූල්‍ය ආයතන සහ සාමාන්‍ය වෙළදසැල් සඳහා ද එහි රැදවිය හැකි ධාරිතාවයෙන් සියයට 25ක් පමණක් ඇතුළු කර ගැනීමට අවසර හිමි වනවා.

ජංගම සහ පදික වෙළදුන්ට දැඩි සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව තම වෙළදාම් කටයුතු සිදුකළ  හැකි බවයි සංශෝධනයට ලක් කළ නව මාර්ගෝපදේශන මාලාවේ දැක්වෙන්නේ.

එමෙන්ම අපනයනය කලාප තුළ කටයුතු අදාළ කර්මාන්තශාලා පිහිටි ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිළධාරීවරයාගේ අධීක්ෂණය යටතේ ජෛව ආරක්ෂක බුබුළකට යටත්ව සිදුකළ යුතු අතර, සේවකයන් ප්‍රවාහනය සහ ඔවුන්ට ඉදුම් හිටුම් ලබාදීම ඒ යටතේ සිදුකළ යුතුයි.

පෞද්ගලික අංශය අවම කාර්ය මණ්ඩලයකින් කටයුතු පවත්වාගෙන යාමටත් අනෙකුත් කාර්ය මණ්ඩලවලට නිවසේ සිට රාජකාරී කිරීමටත් උපදෙස් ලබාදී තිබෙනවා.

දුම්රිය හා බස් වැනි පොදු ප්‍රවාහන සේවාවල මගී ප්‍රවාහනය ආසන සංඛ්‍යාවට පමණක් සිදුකළ යුතු බවට පැනවූ කොන්දේසියේ වෙනසක් සිදුකර නැහැ.

පෞද්ගලික කුලී රථ සේවා වල උපරිම මගීන් සංඛ්‍යාව, මෝටර් රථ හා ත්‍රිරෝද රථ නම් මගීන් දෙදෙනෙකුටත්, වෙනත් වර්ගයේ මෝටර් රථයක් නම් ආසන සංඛ්‍යාවට පමණක් සීමා කළ යුතු වනවා.

270106 5
270106 5 scaled
270106 5
270106 5 1
270106 5 1
270106 5 2
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09