ඉන්දියාවේ සිට මෙරටට පැමිණ සැඟවී සිටි කාන්තාවක් සහ දරුවන් දෙදෙනා නිරෝධායනයට

ඉන්දියාවේ සිට ධීවර යාත්‍රාවක් ආධාරයෙන් මෙරටට පැමිණ පුත්තලම වෙප්පමඩුව ප්‍රදේශයේ සැඟව සිටි ඉන්දියාවේ ජීවත් වන ශ්‍රී ලාංකික කාන්තාවක් සහ ඇගේ දරුවන් දෙදෙනෙකු එම නිවස තුළම නිරෝධායනයට ලක් කළ බව පුත්තලම පොලිසිය සඳහන් කළා. මෙලෙස නිරෝධායනයට ලක් කෙරුණේ ඉන්දියාවේ චෙන්නායි කුප්පම් ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි කාන්තාවක් සහ ඇයගේ අවුරුදු 13 සහ 4 යන වයස්වල පසුවන දරු දෙදෙනායි.