කොරෝනා ලක්ෂණ පවතින බවට දැනුම්දීමත් සමඟ තරුණයෙක් රෝහලෙන් පැන යයි

ත්‍රිකුණාමලය මහ රෝහලෙන් පැන යාමට උත්සහ කළ අවුරුදු 22ක් වයසැති තරණයෙකු රෝහල් පරිශ්‍රය තුළදීම අල්ලා ගැනීමට එහි කාර්ය මණ්ඩලයට හැකි වුණා.

මෙම තරුණයා ප්‍රතිකාර ලබා ගැනීමට රෝහලට පැමිණි අවස්ථාවේදී ඔහුට කොරෝනා රෝග ලක්ෂණ පවතින බවට වෛද්‍යවරයා දැනුම් දීමෙන් පසුවයි මෙලෙස පළායාමට උත්සහ කර ඇත්තේ.