ගාල්ලේන් කොවිඩ් පොකුරක්

ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකින් හමුවූ කොරෝනා වෛරස් ආසාදිතයන්ට තවදුරටත් නිවෙස් තුලට වී සිටීමට සිදුවීමක් පිළිබඳ වාර්තා වනවා.

හබරාදුව ප්‍රදේශයෙන් හමුවූ ආසාදිතයන් 36ක්, අම්බලන්ගොඩ 35 දෙනෙකු, ඉමදුව ප්‍රදේශයේ 13ක්, රත්ගම 09ක්, ගාල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයෙන් 8 දෙනෙක්, බෝපේ පෝද්දලින් 8ක්, කරන්දෙණිය 04ක්, බලපිටිය ප්‍රදේශයෙන් 3ක්, හික්කඩුවෙන් 4ක්, වැලිවිටියෙන් 2ක්, උඩුගම ප්‍රදේශයේ රෝගීන් 2ක්, අක්මීමන සහ ඇල්පිටිය ප්‍රදේශවලින් දෙදෙනෙක් වශයෙන් රෝගින් 114 දෙනෙකුට මේ ආකාරයට නිවෙස් තුළට වී සිටින්නට සිදුව ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක විශේෂඥ වෛද්‍ය චන්දිම සිරිතුංග මේ සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළකර තිබෙනවා. “දකුණු පළාතේ කොවිඩ් ප්‍රථිකාර මධ්‍යස්ථාන 8ක ඇදන් 1400ක් තියෙනවා. එම ඇඳන් කොරෝනා රෝගින්ගෙන් පිරිගොස් තියෙනවා. දකුණු පළාතේ රෝගින් පමණක් නෙවෙයි දිවයිනේ විවිධ ප්‍රදේශවලින් මෙම කොරෝනා වෛද්‍ය ප්‍රථිකාර මධ්‍යස්ථාන වලට රෝගීන් රැගෙන එනවා. එම නිසා යම් රෝගීන් සංඛ්‍යාවක් කොරෝනා වෛද්‍ය ප්‍රථිකාර මධ්‍යස්ථානවලට ඇතුළත් කිරිමට නොහැකි වී තියෙනවා. ඇඳන් හිස් වන ප්‍රමාණය අනුව තමයි රෝගින් ඇතුළත් කිරිමට හැකිවන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?